IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි කුඩා දරුවා මියයයි

(ඩී.ජී.සුගතපාල)

යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකුට ඉකුත් (19)දින දහවල් සිදු කරන ලද වෙඩි තැබිමකදි ඒ අසල සිට සිව් හැවිරිදි කුඩා ළමයාට වෙඩි වැදිතිබූ අතර  බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම මියගිය බව කරාපිටිය රෝහල පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රණේපුර හේවගේ අනුත් සත්සර නමැති සිව් හැවිරිදි ළමයෙකි. 

කුරුඳු තලමින් සිටි පුද්ගලයා ඉලක්ක කර සිදු කරන ලද වෙඩි තැබිමේදි කුරුඳු තලමින් සිටි පුද්ගලයා මියගොස් ඇති අතර ඒ අසල සිටි මෙම කුඩා ළමයාටද වෙඩි වැදි ඇත.

පසුව තුවාල ලබා සිටි ළමයා කරාපිටිය රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

වෙඩි වැදිමෙන් එදිනම මියගොස් ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ පදිංචි වෙඩික්කාරගේ සමන් කුමාර නමැති 33හැවිරිදි පුද්ගලයෙකි. 

මියගිය පුද්ගලයා කරන්දණිය ප්‍රදේශයේ සිදු කරන මිනි මැරුම් නඩුවක සැකකරුවෙකු වන අතර අධිකරණයෙන් ඇප ලබා පැමිණ යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටි.56 ගිවි අවියකින් වෙඩි තබා
පලාගොස් ඇත.

කුඩා ළමයාගේ පාදයකට සහ බඩට වෙඩි වැදි තිබු බවත් රෝහල් ප්‍රකාශකයා පැවසිය.

මෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහගේ මහතාගේ උපදෙස් පරිදි යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (1)

යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි කුඩා දරුවා මියයයි

arschfikaa Monday, 31 October 2022 12:05 AM

මිනීමරු සිංහලයන්ගේ තවත් ක්‍රියාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site