IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මේ වසරේ විදෙස් රැකියා අවස්ථා 3,40,000

(අංජුල මහික වීරරත්න)

ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.

නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානයද රැකගෙන කටයුතු කළ යුතු යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

එසේම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, මුදලට නොව මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදෙමින් ව්‍යාපාරයන්හි නිරතවන ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

මේ වසරේ විදෙස් රැකියා අවස්ථා 3,40,000

pj Friday, 24 January 2025 02:51 AM

ඒක 3,50,000 කරගන්න ක්‍රමයක් ඇත්තෙම නැතිද.....

:       0       0

Toni Friday, 24 January 2025 04:07 AM

තවම ජෙබයියෝ කවි ලියන්න පටන් ගෙන නෑ.

:       0       2

Hafiz Friday, 24 January 2025 04:36 AM

ඇයි රටේ බදුමුදලින් ඉගෙනගත් අයව මෙහෙම රටට වැඩක් නොගෙන පිට රටවලට සේවය කරන්න යවන්නෙ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site