
(ගයාන් සූරියආරච්චි)
ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1842ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 965 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මැයි මස ආරම්භයේ සිට ඊයේ (14) දින දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 902 ක් වාර්තාවී ඇති බවද පොලිසිය කියයි.
අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රියපැදවීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රියපැදවීම ඇතුළු වැරැදි හේතුවෙන් එම රිය අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.
රිය අනතුරු අවම කිරීමට පොලිසිය විසින් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් රියැදුරන් දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ වසරේ රිය අනතුරුවලින් 965ක් මරුට
ගුණරත්න Thursday, 15 May 2025 02:11 PM
මේ අවුරුද්දේ මාස 5කට 1000ක් මිනිස්සු මැරිලා, අවුරුද්දට 2000ක් විතර. මේ ඔක්කොම වැඩ කරන මිනිස්සු, ඔය අනතුරු වැලි පවුල් කීයක් අනාත වෙනවද? රජයේ වගකීම තමයි අනතුරු අවම කරන්න වැඩ කරන එක, එත් ඒ කිසි දෙයක් අහන්න නැහැ, ජනාධිපතිත් යන්නේ මාර්ග නීති කඩ කරලා අධික වේගයෙන් යන වාහන පෙළපාලියක් විදියට, ඉතින් පළමු පුරවැසියාත් නීති කඩනවා නම් තව කාට කියන්නද?
Anura Thursday, 15 May 2025 02:27 PM
පාරවල් වල වාහන පදින් ඔලමොට්ටලයන් දිහා බලපුවහම මෙහෙම නොවුණානම් තමා පුදුම. එහෙම ගිහින් අනෙක් මිනිසුන්වත් මරලා... අතපය කඩලා දාන එක තමා දුක. මහජනතාවගෙන් බදු වලින් යැපෙන පොලිසියක් තියෙනවා. හරි විදිහට නීතිය ක්‍රියාත්මක කරලා නම් මේ අනතුරු අඩු වෙන්න තිබුණා. වෙසක් දවස වල පාරවල් වල දන්සල් කන්න වාහන නවත්තන විදිය දැක්කම... මේ රට මේ තත්වයෙන් හරි තියෙන එක ලොකු දෙයක්