IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැ.කො ගැන මහජන නියෝජිතයන් පරීක්ෂා කළ යුතුයි

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කර තිබෙිදැයි පාර්ලිමේන්තුව සහ සියලු ජනතා නියෝජිතයන් වගකීමෙන් යුතුව පරීක්ෂා කර බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩ සටහනකට ඇතුලත් වීමට නොහැකි වුවහොත් කිසිම විදේශ රටක් සමග ගනුදෙනුවක් කිරීමට නොහැකි වීම නිසා සමස්ථ ව්‍යාපාර පද්ධතියම කඩා වැටිමට ඉඩ තිබෙන බවද අබෙිවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී  වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබෙිවර්ධන  මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ මත දරණ කිසිවෙකු විසින් හෝ පුද්ගලයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප යෝජනා ද ඉදිරිපත් කර නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලය පමණක් බවද අප මතක තබා ගත යුතුයි. 

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ එකඟතාවයක් ලද වහාම ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. එය ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට එය සම්මත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමටද අයිතිය ඇත. එසේ අයිතිය තිබුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්ප යෝජනා ඉදිරිපත් නොකරන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකියි.



අදහස් (9)

මැ.කො ගැන මහජන නියෝජිතයන් පරීක්ෂා කළ යුතුයි

pradeep Wednesday, 22 February 2023 01:47 PM

ඔයාලගේ බයිලා අහපු කාලේ ඉවරයි

:       3       35

පින්තු Wednesday, 22 February 2023 02:01 PM

මැතිවරණ කොමිසම වේවා එය නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුව වේවා දේශපාලුවො ඇගිලි නොගසන තැනක් වියයුතුය එයට බාධා කිරීම ස්වාධීනත්වයට නුසුදුසුයි ඒ වගේම කියන්න ඕන මැතිවරණ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්‍යාල නාමපුවරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය නමින් පමණක් තිබිය යුතුය කියලා එහි සිටින නිළධාරින්ගේ තනතුරු අනුව කාර්යාලය හැදින්වීම ඉතාමත් පිළිකුල් සහගතයි.

:       0       16

sena Wednesday, 22 February 2023 02:06 PM

මැතිවරණ කොමිසම පරීක්ෂා කරන්න ඔයාට ඇති බලේ මොකක්ද? තමන්ට කවුද පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ දුන්නේ...? පිනට පාර්ලිමේන්තු ගිහින් බුරන්නේ නැතිව ඡන්දයක් ඉල්ලලා දිනලා පෙන්නන්න.

:       5       37

මාටින් Wednesday, 22 February 2023 02:15 PM

කුඩු කිලෝ එකක් ගන්න බැරිද ?

:       3       24

ranjith Wednesday, 22 February 2023 03:47 PM

මේ මනුස්සයා මහජන නියෝජිතයෙක්ද? පිනට රිංගගෙන පොර ටෝක් දෙන හැටි....

:       2       18

ගමේ එකාලා Wednesday, 22 February 2023 04:39 PM

පින් ජනපතියාට හරියන කෙනෙක්. අවුරුද්දකින් කල් දාපු ඡන්දෙ මෙදා පාර තිබ්බොත් දූෂිත දේශපාලකයන්ට වෙනදේ දන්නවා. නොයෙකුත් උප්පරවැට්ටි දාලා නවත්වන්නයි හදන්නේ....

:       2       12

චන්දන Wednesday, 22 February 2023 08:47 PM

ගාල්ලේ කෝටි ගාණක් විනාශ කළ සම්මන්ත්‍රණ ශාලාව ගැනත් හොයමුද?

:       0       0

ranil Thursday, 23 February 2023 08:16 AM

මේ පිං ජනාධිපතිගේ පිං මන්ත්‍රීනේ... දැන් විකාර කියන්නේ. මූණ දකිනකොටත් අප්පිරියයි.

:       0       0

W.k.c srl lal Thursday, 23 February 2023 08:40 AM

මිනිස්සු අවුස්සන පුද්ගලයෙක්. මේ වජිර බලන්නේ මේ පීඩනයට පත්වුණු මිනිස්සු අපහසුතාවයට පත් කිරීමට... නියම සුදුස්සෙකු නොවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site