
(සුමිත් පොතුපිටිය)
සිය පෙම්වතිය හමුවීමට ගොස් නිවස කරා යමින් සිටී රක්ෂණ නිළධාරියෙකු මෝටර් රථය තාප්පයක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ඩී.ඒ. උත්පල පසිදු නමැති 22 හැවිරිදි තරුණයෙකු බව සදහන් වේ.
මියගොස් ඇති තරුණයා පානදුර ගගුල විහාරස්ථානය අසල දී මෝටර් රථය තාප්පයක ගැටීමෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මියගොස් ඇති තරුණයාගේ මෝටර් රථයේ ආරක්ෂක බැලූන් ක්‍රියාත්මක වී ඇතත්, ඔහු රියදුරු අසුනේ ආරක්ෂක පටි පැළද නොසිටීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය.
COMMENTS
සුගතියක් ලැබේවා...!
මේ වගේ කේ.ඊ.අයි වාහන මිලෙන් අඩු හා ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් හොඳ වුණත් අනතුරකදී ඉතාම අනාරක්ෂිතයි. වෙන මෝටර් රථයක් නම් කම්පනය අඩු වෙනවා.
වෙන්න බැහැ, ආසන පටි පැළඳ නැත්නම් ඔය කාර් එකේ වායු බැලූන ක්‍රියා කරන්නේ නැහැ. ඒකත් ආරක්‍ෂක උපක්‍රමයක්, මට හිතෙන්නේ මේ මනුස්සයා ආසන පටිය ලොක් එකට දාලා ඒකට උඩින් වාඩිවෙලා ඉන්න ඇති. මෝඩකම තමයි...