IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මේ වසරේදී ඉන්දියන් සාගරය හරහා හෂිස් මත්ද්‍රව්‍ය ටොන් 28ක් ගෙන්වලා

(ඉන්දිකා රාමනායක)
 
රටවල් කිහිපයක  සහභාගීත්වයෙන් ඉන්දීයන්  සාගරයේ   මෙහෙයුම් වල නිරත  නාවික ඒකාබද්ධ සමුද්‍රය බලකාය    විසින්  මේ වසරේ  මුල සිට මේ  දක්වා ඉන්දියන් සාගරය හරහා ප‍්‍රවාහන කරමින් තිබු  හෂීස් මත්ද්‍රව්‍ය ටොන් 28 ක් හා හොරොයින් ටොන් දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව කියයි.
 
  රටවල් කිහිපයක් ඒකාබද්ධව මෙම සහයෝගිතා මෙහෙයුම් කි‍්‍රයාක්මක කර ඇති අතර  ඉන්දියන් සාගර හරහා මෙම  වෙනත් රටවලට ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත්ව ඇති බව  නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි රියර් අද්මිරාල්  පියල් ද සිල්වා මහතා පැවසීය.
 
මේවායේ වටිනාකම   ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් බවත් මේවා   ශි‍්‍ර ලංකාව ඇතුලූ වෙනත් රටවලට ප‍්‍රවාහනය කරන්නට ඇති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා කියා සිටියේය. 
 
මේවා ප‍්‍රවාහනය කර බොට්ටු 13 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 මෙම මෙහෙයුම් තුළින් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනට මෙන්ම නීතිවිරෝධී සංක‍්‍රමනිකයින් ප‍්‍රවාහනයට ද බාධා එල්ල වී ඇති බවත් මේ හේතුවෙන් ශි‍්‍ර ලංකාව හරහා  සිදුවන නීතිවිරෝධී ජාවාරම්, සංක‍්‍රමණික ජාවාරම්වල ද  විශාල අඩුවක් සිදුව ඇති බවද   පියල් ද  සිල්වා මහතා සඳහන් කළේය.
 
නාවික හමුදා මුලස්ථානයේ අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී  රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
 
 



අදහස් (0)

මේ වසරේදී ඉන්දියන් සාගරය හරහා හෂිස් මත්ද්‍රව්‍ය ටොන් 28ක් ගෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site