IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


මේ බිළිඳා කාගෙ දෝ : නර්ස් ගෙදරින් ඇහුලුවෝ

(සජිවා කෝට්ටගොඩ)

විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නිවස ඉදිරි පස බෑගයක අසුරා දමා ගොස් තිබූ දිනක් පමණ වයසක  බිළිදියක් හමු වී ඇතැයි මහව මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ දමා ගිය බිළිඳිය 166 කෝන්වැව, ඉපලෝගම , මහව ලිපිනයේ පදිංචි ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවසේ තිබියදී සොයා ගන්නා ලද බව පොලිසිය සඳහන් කරයි.

‎බිළිඳිය සොයා ගන්නා විට නිරෝගීව සිටි බවත් වහාම නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවත් මහව මුලස්ථාන පොලිසිය සඳහන් කරයි.

‎සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඒ.පි.ඒ. කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තාව පොලිස් ඒකකයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක අපේක්ෂා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.

‎සිද්ධිය ඇසින් දුටු ඉන්ද්‍රාණි අනුලා මහත්මිය මෙසේ කීවාය.

මම මිදුල අතුගාන්න ඉදලත් අරගෙන ඉස්සරහ පැත්තට ගියා. මම දැක්කා ඉස්සරහා ප්‍රධාන දොර ළඟ තිබෙන පුටුවේ බෑග් එකක් තියෙනවා. බෑග් එක ඇතුලේ මොනවා හරි දඟලනවා වගේ දැක්කා . බෑග් එක වහලා තිබුනේ. ඒත් මම බෑග් එක බලනකොට බෑග් එකෙන් මූණ පෙනුනා. මට බයත් හිතුණා ඒත් දරුවෙක් නිසා බෑග් එකේ සිප් එක දෙපැත්තෙන් ඇරලා බැලපුවහම බෑග් එක ඇතුලේ කිරි දරුවෙක් ඉන්නවා දැක්කා. මට බලාගෙන ඉන්න බැරි හින්ද මං දරුවා අතට ගත්තා. සටහන් පොත දැක්කාම හිතුණා ළඟදි හම්බවෙච්ච දරුවෙක් කියලා . බර අඩු බව පෙනුනා. ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා. ගෙදර අයටත් අල්ලපු ගෙදර අයටත් කතා කරලා පොලිසියට කිව්වා. කිරි බෝතලේ, කිරි පැකට් එක දරුවගේ ඇඳුම් ඇතුළු දරුවාට අවශ්‍ය සියලු දේවල් බෑග් එකේ තිබුණා.

මම රස්නායක පුර වැඩ කළේ දැන් විශ්‍රාම අරගෙන වසර තුනක් විතර වෙනවා. මම පොලිසියට දැනුම් දුන්නා. පොලිසියෙන් ඇවිත් දරුවාව නිකවැරටිය රෝහලට අරගෙන ගියා. මාසයක් පමණ වයසක් වෙනවා දරුවට. රෝහලින් දීලා තියෙන ළදරු වර්ධන සටහන් පොත බෑග් එකේ තිබුනා.

‎උපත සිදුවූ රෝහලයි නමයි කියන තැන් දෙකම  මකලා දාලා තිබුණා.දැනට දරුවා නිකවැරටිය රෝහලේ ළදරු ඒකකයට ඇතුලත් කරලා තියන බව කීවා යැයි ඉන්ද්‍රාණි අනුලා මහත්මිය පැවසුවාය.

 



අදහස් (0)

මේ බිළිඳා කාගෙ දෝ : නර්ස් ගෙදරින් ඇහුලුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33017 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15662 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10046 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 172 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 204 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 519 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site