
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට පුවත් වාර්තා කිරීමේදී, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා වූ පොදු වූ වචන මාලාවක් ඉගැන්වීම සඳහා ආරම්භ කළ හාස්‍යජනක ව්‍යාපෘතියකට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9 ක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වියදම් කර ඇතැයි ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පසුගියදා ප්‍රකාශ කළේය.
එපමණක් නොව තවත් හාස්‍යජනක ව්‍යාපෘති රැසක් සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය මුදල් වියදම් කර තිබෙන බවත් ඒ අතර අල් කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායමට නෑකම් කියන ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා ආහාර ලබාදීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක්, ඊජිප්තුවේ සංචාරක කර්මාන්තය සඳහා ඩොලර් මිලියන 6 වියදම් කළ ව්‍යාපෘති තිබෙන බවත් මස්ක් පැවැසුවේය.
මේ ආකාරයෙන් අනවශ්‍ය ලෙස වියදම් කළ ව්‍යාපෘති රාශියක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
දශක ගණනාවක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ වියදම් කිසිවෙකු අධීක්ෂණය කර නොමැති බවත් තවදුරටත් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත් මසක් පැවැසුවේය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකාව ඇතුළු ගෝලීයව තිබෙන සියලුම කාර්යාලවලට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් අද (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අනිවාර්ය නිවාඩු යැවීමටත් දින 30 ක් තුළ එලෙස අනිවාර්ය නිවාඩු ලබන පිරිස් නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමටත් ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය පසුගියදා නියෝග කළේය.
COMMENTS
මේව හාස්‍යජනක ව්‍යාපෘති නෙවෙයි. මෙරට මාධ්‍යය හරහා තමයි රටේ මිනිස්සු බටහිර සහ අසල්වාසී රටවල උවමනාව වෙනුවෙන් නොමඟ යවන්නෙ. ආණ්ඩු පත්කරන්නෙත් එලවන්නෙත් එහෙම තමයි.
ඔයිට වඩා හාස්‍යජනක විදියට අරගලේ කරලා මේ කයියනායක ගෙනාවෙ. දැන් හාලුත් නෑ, පොලුත් නෑ, ලුණුත් නෑ, ලක්ශ 12ට විට්ස් ඇත්තෙත් නෑ. ඡන්දෙ දීපු උන්ට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්නත් බෑ.
ට්‍රම්ප් හින්දා අපේ හොරුන්ටත් ෂොට් එක හම්බවෙයි. ඇමරිකාව සුනාමියට දිපු ආධාර වලට මොකද වුනේ කියලත් හොයයි. අන්තිමට රාජපක්ෂ පරම්පරාවටම ඇමරිකාවේ සිරබත් කන්න වෙයි වගේ.
ව්‍යාපෘතිවල අරමුණ ඒක කියලා කිව්වත් ඒ සල්ලි වලින් කලේ තමන්ට අවනත නැති ආණ්ඩු පෙරලන්නයි, රූකඩ ආණ්ඩු පත්කරගන්නයි. අරගලයටත් ඔය සල්ලි පොම්ප වුණා. ඔය ආයතනය පාලනය වුනේ කුප්‍රකට ඇමෙරිකානු රහස් ඔත්තු සේවයකින් බව දන්නෝ දනිති. සල්ලි වැටුනේ කාගේ සාක්කුවලටද කියලා යථාකාලයේ එළිවෙයි.
ඉලෝන් මස්ක් දන්නෙ නැතුව ඇති. එතන කිසිම හාස්‍යජනක කමක් නෑ. ඩොලර් මිලියන් 7.9ම මයිනා ගාව හරි පොඩි මයිනා ගාව ලග ඇති.
මුන් කරපු ප්‍රොජෙක්ට් එකක් නෑ. කරපු එකම දේ රටවල්වල ආණ්ඩු පෙරලපු එක. දැන් ඉන්න හූලි චංග් ඕක උපරිමව කරා. ස්තුතියි ට්‍රම්ප් තේරුම් ගත්තට..
තවත් හාස්‍ය ‘ජනක’ ලා ගොඩක් මෙහේ ඉන්නවා. එකෙක් පාර්ලිමේන්තුවෙත් හිටියා.
උන්ට හාස්‍යජනක උනාට මේ රටට ඔය සල්ලි වියදම් කරේ බියජනක දේවල් වලට. ඒ ඩොලර් කාටද ලැබුනේ කියලත් හෙළිවෙයි ඉදිරියෙදි
ලීලසේන, මාලිමාවේ අයට නම් පාරේ බැහැලා යන්න බැරි කිසිම දෙයක් වෙලා නැහැ. අදත් අපි ඉතාම සතුටින් ඉන්නවා අපේ තීරණය ගැන, හාල් පොල් වලට වෙච්චි දේ රටේ හැමෝම දන්නවා. ළදරු පරාජිතයින් නොදන්නවා වුණාට, හාල් පොල් ගබඩා කරලා ගියපු රටක් බාරදුන්නා නම් ඔය කතාව හරි. හැබැයි තමුන්ලාගේ අයගේ කෙරුවාවන් දවසෙන් දවස එළියට එනවා... නායකයෝ වෙනුවෙන් බේරේ වැවේ ස්නානය කරපු තමුන්ලා වගේ බාලයින් ලැජ්ජාවෙන් හිටියට තමන්ගේ නායකයෝ සල්ලි බෙදාගනිපු හැටි හෙළි වුණා. ඒ වගේම ජනාධිපති අරමුදලේ සල්ලි කාපු හැටි එළියට ආවා. ඉතින් පාරෙ බැහැලා යන්න බැරි කාටද කියලා පේනවානේ. සරමෙන් මූණ වහගෙන යන්න. හාල් තියෙනවා ඕන තරම් කවුරුත් බත් නොකා මලේ නැහැ. පොල් හිඟයට රජය පිළියමක් යෙදුවා. ඔය අඬේ නවත්තලා රටේ වෙන යහපත් දේවල් වැඩි බව හොයලා බලන්න. කුහක නොවී...
ශ්‍රී ලංකාවේ ගොඩාක් ව්‍යපෘති හාස්‍ය ජනකයි
ඉලෝන් මාස්ක් ඇමරිකාවේ අනවශ්‍ය වියදම් ගැන අනාවරණය කරද්දී, ලංකාවේ දේශපාලන මඩ ගොහොරුවේ ලගිමින්, ගොන් කතා ලියන පිම්පියන් ඇඟ පුරාම මළ පහකර ගන්නවා... මොවුන්ගේ ටිකිරි මොළ ගෙඩි වලට, දේශපාලන කුණු ජීර්ණ කරගෙන මුඛයෙන් හා අධෝ මුඛයෙන් එකලෙස දුර්ගන්ධය පිටකරන මේ අමනයින්ට මිසයිලයක් එවන්න ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලීමක් කළා නම්, ඒක කොතරම් වටිනවද කියලයි මට හිතුනේ... දේශපාලන පාදඩයෝ!!!
හාස්‍ය ජනක පුද්ගලයින් වෙනුවෙන් සිදු කරන සමහර දේවල් කොහොමටත් හාස්‍ය ජනකයි
ඇමරිකාවේ ඉන්න බැසිල්ගෙන් ඇහුව්වා නම් ඉලොන් මස්ක් පුදුම වෙයි.
ලෝකෙ පුරා අනවශ්‍ය යුද්ධ වලට පැටලිලා ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විනාශ කරන එක ගැනත් ප්‍රහාර වලට ලක්වූ රටවල ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා දේපළ ගැනත් මාස්ක්ට කරුණු පෙන්වා දෙන්නේ අපහසුද? ට්‍රම්ප් බලයට පත්වුණාට පස්සේ ගත් පියවර වලින් පැහැදිලි වන්නේ ඇමරිකාව විශාල මූල්‍ය අර්බූදයක් අභියස සිටින බවයි.