
(ගයාන් සූරියආරච්චි,යොහාන් බාසුර සහ පද්මා කුමාර කංකානම්ගේ)
පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ ජාවාරම්කරුවන් විසින් ගිල්වා තිබූ බවට සැක කෙරෙන රත්‍රං කිලෝ හතරකට අධික පාර්සලයක් සමග සැකකරුවන් දෙදෙනකු ෙ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 ක් සහ 35 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු කෙරිණි
ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙම රත්‍රං තොගය පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස ගිල්වා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සැකකරුවන්, රත්‍රං සහ ඩිංගි බෝට්ටුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
එහි වටිනාකම රුපියල් කෝටි අටකට අධික බව ද වාර්තාවේ

2025 දෙසැම්බර් මස 18
41
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
929
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ සැඟවූ රන් කිලෝ හතරක් නාවික හමුදා බාරයට
Lalla Saturday, 09 December 2023 11:04 PM
අලි සබ්රිගේ රත්රන් වලට වූ දේම වෙයිද?