
(ඔගස්ටින් ප්‍රනාන්දු )
හලාවත ඉරනවිල වෙරළට ගොඩ ගසා තිබු දැරියකගේ මෘත ශරීරයක් අද (21) උදේ හමුවු බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මිගමුව දුන්ගාල් පිටිය අලුත්කුරුව ධීවර ගම්මානයේ විසු ලක්මාවඩු තමාෂා රොෂේලි නමැති අවුරුදු දෙකකුත් මාස හතරක් වයසැති දැරියකගේ බවට හදුනා ගත බවත් කියයි.
මෙම දැරිය හා ඇගේ දෙමාපියන් දින 15 ට පමණ කලින් දුන්ගාල් පිටිය වෙරළාසන්නයේ නිවසක පදිංචියට පැමිණ ඇති අතර ඉකුත් 18 වන දින පස්වරු ඇගේ දෙමාපියන් දර කපමින් සිටිය දි දැරිය කිසිවකුටත් නොදැනෙන්න වෙරළට ගොස් සෙල්ලම් කරමින් සිටිය දි රැල්ලකට හසුව මුහුදට ගසා ගෙන යමින් සිටිය දි පුද්ගලයෙකු දැක දැරියගේ දෙමාපියන්ට දැනුම් දි ඇති බවත් ඔවුන් දැරිය ගලවා ගැනීමට වෙහෙසි ඇතත් ඒ වන විටත් දැරිය ඈත දියඹට ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇති බවත් දුන්ගාල් පොලිසිය කිය.
මෙයට කලින් අවස්ථාවක දිද දැරිය මෙවන් විපතකට මුහුණ දිමට ගොස් බේරා ගෙන ඇති බවත් කියයි.
මුහුදෙහි අතුරු දහන්වු මෙම දැරිය සොයා පරික්ෂණ පවත්වමින් සිටිය දි ඇගේ සිරුර අද (21) උදේ ඉරනවිල වෙරළට ගොඩ ගසා තිබු අතර ඇගේ දෙමාපියන් විසින් සිරුර හදුනා ගෙන ඇති බවත් මරණ පරික්ෂණ කටයුතු සදහා හලාවත රෝහලට සිරුර ගෙන යන බවත් කියයි.
දුන්ගාල් පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂන රණසිංහ මහතා හා හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මුහුදු රැල්ලට ගිය දරුවාගේ සිරුර දින 4 කට පසු හමුවෙයි
Lalith M Thursday, 21 October 2021 05:57 PM
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා නැතිවූ ජීවිතයක්...
j a n a ප්‍රදීපා ජයකොඩි Friday, 22 October 2021 03:52 PM
මෙච්චර චූටි ළමයෙක් තනියම මුහුදට යවන්නේ මොන අම්මද?