(සුජිත් හේවාජුලිගේ )
රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ( තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
මෙම භාණ්ඩවලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන සහ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව පැවසූ මහාචාර්යවරයා මෙම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැයවූ මුදලින් තෙල් නැව් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීමට හැකියාව තිබූ බවද ප්‍රකාශ කළේය.
මේ අධ්‍යයනයේ දී හෙළි වූ තොරතුරු අනුව පැන්සල්, පෑන්,මකන සහ තීන්ත රිබන් සඳහා රුපියල් කෝටි 215ක්ද සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු සඳහා රුපියල් කෝටි 984 ක් ද ඔලුව පීරන පනා සඳහා කෝටි 31ක්ද කොහු ඉදල් සඳහා කෝටි 35ක් ද වතුර බෝතල් සඳහා කෝටි 55 ක්ද අවි ආයුධ සඳහා කෝටි 95ක්ද සපත්තු කුඩ හිස් වැසුම් සඳහා කෝටි 655ක්ද සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය සඳහා කෝටි956ක්ද සුවඳ විලවුන් ක්‍රීම්වර්ග සඳහා කෝටි 1775ක්ද පළතුරු යුෂ වර්ග සඳහා කෝටි 74ක්ද චීස් හා බටර් සඳහා කෝටි 336 ක්ද එළවළු සහ පලතුරු සඳහා රුපියල් කෝටි 18,382ක්ද ( ඩොලර් මිලියන නමසිය විසි හතරක්) විවිධ ගෘහ භාණ්ඩ සඳහා කෝටි 1869ක්ද වාහන අමතර කොටස් සඳහා කෝටි 19,000ක්ද සත්ව සම් සඳහා කෝටි 493ක්ද ප්ලාස්ටික් සහ රබර් සඳහා කෝටි 18522ක්ද වැය කර ඇතැයි එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණයවී ඇත.
එළවලූ පළතුරු සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 18,382 ක මුදලින් තෙල් නැව් 19 ක්ද ගෘහ භාණ්ඩ ගෙන්වීමට වැයවූ රුපියල් කෝටි 1869 ක මුදලින් තෙල් නැව් දෙකක්ද ප්ලාස්ටික් සහ රබර් ගෙන්වීමට වැය වූ රුපියල් කෝටි 18522ක මුදලින් තෙල් නැව් 19ක්ද ගැනීමට හැකියාව තිබුණු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.
මහාචාර්ය අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මෙම අධ්‍යයනය කරනු ලැබ ඇත.
COMMENTS
එහෙමනම් තොරොම්බල් භාණ්ඩ ලංකාවෙ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නැවත එහෙම නොවේ.
මහාචාර්යකම අරගෙන තියෙන්නේ කොහොමද දන්නේ නෑ..?
වාහන අමතර කොටස් තොරොම්බල්ද?
මේවා අනිවාර්යයෙන් නැවැත්විය යුතුයි. මේ විතරක් නොවෙයි තව හුගක් තියෙනව. මේවා මෙහෙ හදන්න ඕනි.
කිසිම ක්ෂේත්‍රයක නිසි සැලසුමක් නැති, අවශ්‍ය වෙලාවට නිවැරදි තීරණ ගත නෙහැකි ඉහල නිලධාරීන් ඉන්න රටක එසේ නෙවුනානම් තමයි පුදුමේ.
සමීක්ෂණයට අනුව මේ ආනයනික භාණ්ඩවලින් අති බහුතරයක් අප රටේ නිෂ්පාදනය කරගත හැකි භාණ්ඩ වගේම අත්‍යාවශ්‍ය නොවන දෑ. මෙතන නොකියවුණාට වෙසක්කූඩු පවා මේ තොගයට ඇතුළත්... මේ විදියට හැමදේම පිටරටින් ආනයන කරන්න පුරුදු වුණොත් විදේශ ණය මත තමයි යැපෙන්න වෙන්නේ... මේ රටට අවාසි සහගත ආනයන-අපනයන ක්‍රියාවලිය රටට වාසි සහගත ආකාරයකට පරිවර්තනය කර ගැනීමයි අර්බුදයෙන් ගොඩඑන්න මුලින්ම කළ යුත්තේ... මහාචාර්යතුමා මෙතන හුවා දක්වන්නේ ඒ කරුණයි...!
සාමාන්‍ය පෙළ අසමත්, තමන්ගේ නිවසේවත් අයවැය බැලන්ස් කරගන්න බැරිඅය නිලධාරින්, බලයලත් ඇමැතිවරු වුණාම මෙහෙම වෙන්න එපැයි...!
තොරම්බල් ඉමිටේෂන් කියන්නේ අපේ අනාගතයයි!!!
මෙහෙමත් ජාතියක්..
ශ්‍රී ලංකාවේ යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක්. සෑම පුද්ගලයෙකුටම ඕනෑම භාණ්ඩයක් පාවිච්චි කිරීමේ අයිතිය තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් ඒක නොවැදගත් භාණ්ඩයක් කියලා. නමුත් පරිභෝජනය කරන කෙනාට ඒක අවශ්‍ය භාණ්ඩයක්. ශ්‍රී ලංකාව ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටක්. ඔය කියන විදියේ සංවෘර්ත ආර්ථිකයකට යාමට නොහැකි යි. ඔබ පොඩ්ඩක් කල්පනා කර බලන්න අනෙක් විදේශ රටවල් කිව්වොත් ශ්‍රී ලංකාව එම රටවලින් ආනයනය නොකරන නිසා එම රටවල් ද ශ්‍රී ලංකාවෙන් බඩු අප ආනයනය කරන්නේ නෑ කියලා අපේ අපනයනය වලට මොනවද වෙන්නේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට කිසිම දැනුමක් නෑග මොකද ඒගොල්ලෝ කිසිම යාවත්කාලීන නෑ. ඔහුන් පරීක්ෂණ නිබන්ධන කියවන්නෙත් නෑ. පරීක්ෂණ කරන්නෙත් නෑ.
ඕක ඉතින් කියන්න දෙයක්ද? නන්දසේන වගේ වැඩ බැරි කෙනෙක් ජනාධිපති වෙලා තියෙන්නේ...!