ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
දිවුලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියැදුරකුට මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ දී ප්ලාස්ටික් බෝතලයකට මුත්‍රා පුරවා පහර දීම හේතුවෙන් රියැදුරා සහ එම බස් රථයේ යාබද අසුන්වල සිටි මගීන් කිහිප දෙනකු මුත්‍රවලින් නැහැවී ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය පවසයි.
ලංගම බස් රථයේ රියැදුරා ඒ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත. කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා මිනුවන්ගොඩ බස් නැවතුම්පොළේ නතර කර තිබියදී කොළඹ සිට මිනුවන්ගොඩට ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියැදුරකු මෙම මුත්‍ර ප්‍රහාරය එල්ල කර ඇති බව ලංගම බස් රථ රියැදුරා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පෞද්ගලික බස් රථයේ රියැදුරා බෝතලයකට මුත්‍රා කර එය රැගෙන පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පෙනී යන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මුත්‍ර ප්‍රහාරය එල්ල කළ රියැදුරා පැදවූ පෞද්ගලික මගී බස් රථයේ අංකය ද ලංගම රියැදුරා විසින් පොලිසියට බාර දෙනු ලැබ ඇත.
මගීන් පටවා ගැනීමේදී රියැදුරන් දෙදෙනා අතර ඇති වූ බව කියන ආරවුලක් මත පුද්ගලික බස් රථ රියැදුරා මෙම මුත්‍ර ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික බස් රියදුරෝ කරන්නෙ ඔහොම දේවල් තමයි ඕවට ඔහුටත් දෙවරක් වත් එහෙම කරන්න ඕන එහෙම නැත්නම් සතියකට එම බසයට (රියදුරුට නොවෙයි ) මාර්ග බලපත්‍රය අවලංගු කරන්න ඕන එහෙම නැතුව ඔය යක්කු හදන්න බැහැ
ඊයා. චූ ගහලා නේද මේ ?
ලොකූ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මුත්‍රා කරපු කෙනාට දියවැඩියාව තිබුනත් මුත්‍ර මාර්ගයෙන් දියවැඩියාව බෝවෙන්නේ නෑ.