IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මීනගයා පැටියා අම්මා තාත්තට දෙන්න කියයි

(නිමන්ති රණසිංහ)

මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ දමා ගිය සිඟිති දරුවා ඔවුන්ගේ දෙමව්පියන්ට බාරදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාට අද 17 නියෝග කළේය.

මෙම සැකකාර තරුණ යුවළ ඇප ලබා දීමෙන් පසු අද දිනයේ දී ම විවාහ කර දීමට කටයුතු කරනු ලබන බවත්  ඉන්පසු දරුවා ව භාරයට ගෙන රැකබලා ගැනීමට සූදානම් බවත් සැකකරුවන්  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය  නිකුත් කළේය .

දරුවාගේ සහ සැකකාර යුවළගේ ඩී එන් ඒ වාර්තා කැඳවීම සඳහා ලබන 21 දා උදේ 9 ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

සැකකාර තරුණ යුවල එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.



අදහස් (2)

මීනගයා පැටියා අම්මා තාත්තට දෙන්න කියයි

ගයාන් Saturday, 18 March 2023 07:39 AM

ඒයි, ඒ දරුවා දාලා ගියා කියලා අපහාස කරන්න එපා... බලු පැටියෙක්, බළල් පැටියෙක් හරක් පැටියෙක් නෙමේ නේද?

:       0       0

ගයනි Sunday, 19 March 2023 02:25 PM

ඒ දරුවාට දෙන්න, කරන්න තියෙන අපහාස කරලා ඉවරයි ඒ දරුවාගේ අම්මයි, තාත්තයි නැති කැක්කුමක් මොකද?.. DNA චෙක් කරන එක හොඳයි කෝකටත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site