IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මීගහකිවුල සභා අයවැය ජාජබ දිනයි

(නිශාන්ත කුමාර)

ජාතික ජන බලවේගයට බලය හිමි  මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය සභාපතිවරයාගේ තීරක ජන්දය භාවිතාකරමින් වැඩි ඡන්ද එකකින් (01) අද (11) සම්මත කර ගත්තේය.

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ‍ලේඛනය සභාපති ටී.එම් කුමාරතිස්ස මහතා  සභාවට ඉදිරිපත් කළ අතර ජාතික ජන බලවේගයේ සභාපතිවරයාද ඇතුලුව මන්ත්‍රීවරුන් නව (09) දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජන බල වේගයේ මන්ත්‍රීවරුන් හතර දෙනා, පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා, පොදු පෙරමුණ මන්ත්‍රීවරුන් දෙදෙනා, සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයා යන මන්ත්‍රීවරුන් නව දෙනා අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ හ.

එක්සත් ජාතික පක්ෂයේ එස්. එම්. එල්. එච් ජයවර්ධන මන්ත්‍රීවරයා මෙම රැස්වීමට සහභාගී නොවීය.

ඒ අනුව අයවැය ‍ලේඛනයට පක්ෂව හා විපක්ෂව ජන්ද 09ක් බැගින් ලැබීම හේතුවෙන් සභාපතිවරයාට පැවරී ඇති බලතල අනුව තීරක ඡන්දය භාවිතා කළ සභාපති ටී එම් කුමාරතිස්ස මහතා අයවැයට පක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද එකකින් ජාතික ජනබල වේගය ඉදිරිපත් කළ මංගල අයවැය ජයග්‍රහණය කර ගැනීමට හැකි විය.

 



අදහස් (0)

මීගහකිවුල සභා අයවැය ජාජබ දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site