
(අමදෝරු අමරජීව )
අයහපත් කාලගුණයත් සමඟ සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු ත්‍රිකුණාමල ඇතුළු වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් මේ දිනවල ගොඩ ගසා තිබේ .
රතු පාටට හුරු මෙම කකුළු විශේෂය අද (31) හා ඊයේ (30) මෙලෙස වෙරළට ගොඩ ගසා ඇති ආකාරය දැකගත හැකිය.
මේ නිසා ඒ අවට අධික දුර්ගන්ධයක් පැතිර යන අතර නගර සභා හා ප්‍රාදේශීය සභා කම්කරුවන් යොදා මියගිය කකුළුවන් වෙරළේ වලවල් කපා වළ දැමීමට බලධාරීන් කටයුතු කරගෙන යයි .මේ
සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී. කම්කානම්ගේ මහතා පැවසුවේ සීත හා උෂ්ණ දියවැල් වල බලපෑම නිසා මෙම කකුළු විශේෂය මියගොස් ගොඩ ගැසීම ඇතිවීය හැකි ස්වභාවික තත්ත්වයක් බවයි.
පසුගිය වසරේදිත් මෙම කාලසීමාව තුළ මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් මෙම කකුළු විශේෂය මිනිස් පරිභෝජනයට නුසුදුසු ධීවරයන්ගේ දැල්වලට හානි කරන බව සහකාර අධ්‍යක්ෂවරයා කීය .මෙම තත්ත්වය එතරම් බිය වියයුතු තත්ත්වයක් නොවන බවත් එය ස්වභාවික තත්ත්වයක් බවද තවදුරටත් සහාකාර අධ්‍යක්ෂවරයා කීහ .
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මියගිය කකුළුවන් ත්‍රි‘මලේ වරායේ