
(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මගහැර සිටි රූපලාවණ්‍යාගාරයේ සේවිකායක ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ලලනී එම්. බුලත්සිංහල මහත්මිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සේවිකාවක පොලිසිය බාර වීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කළ පසු එසේ රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුවාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ පදිංචි සඳුනි හංසිකා පියුමාලි (22) නමැති එම රූපලාවන්‍ය ආයතනයේ සේවය කළ සේවිකාවක්ය.
එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවක තවමත් සැඟව සිටින බැවින් ඔවුන් හට විදේශගතවීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය .
ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට සහ අනෙක් සේවිකාවට විදේශ ගතවීම තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර ඊට අමතරව ඔවුන්ගේ දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට හා ඡායාරූප ජන මාධ්‍ය ඔස්සේ පළ කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණ .
මෙම අවස්ථාවේදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන රංජිත් දිසානායක සහ අෂාන් ලක්මාල් මහත්වරුන් මෙම රූපලාවණ්‍යාගාරය තුළ දී පැමිණිලිකාර කාන්තාවගේ හිස කෙස් සැකසීම සඳහා ගල්වන ලද ආලේපන සහ අනෙකුත් ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය .
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්
don Saturday, 14 September 2024 07:50 AM
ඇයි මේ මිනිස්සු හැංගිලා ඉන්නේ.තමා වංචාවක් කලේ නැත්නම් බය වෙන්න නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් නේ
ජයනත් Saturday, 14 September 2024 10:12 AM
දැනටමත් පැනලාද දන්නෑ. උපරිම දඬුවම් දෙන්න.