IMG-LOGO

මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි යන්ත්‍ර දිරන්න දාලා

(සුජිත් හේවාජුලිගේ)

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කොඩ්බේ යාත්‍රාංගනයේ කෝටියකට වැඩි  ටග් යාත්‍රා තුනක් සහ බත්තල් හයක්ද  මුල්මුඩේ යන්ත්‍රාගාර පරිශ්‍රයේ තිබුණු වීල් ලෝඩර් හතරක් සහ වටිනා ලොරි රථයක්ද කෝකිලායි යන්ත්‍රාගාරයේ තිබූ රුපියල් කෝටි හතරක් පමණ වටිනා සර්පිලාකාර යන්ත්‍රයක්ද කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ටජ් යාත්‍රා තුන සහ බත්තල් හය වසර 26ක් තිස්සේ දිරාපත්ව  තිබෙන  බවද එහි දැක්වේ

මේවායේ ආරක්ෂාව සඳහා ඉකුත් 2022 වසරේදී  ලක්ෂ විසි හයක පමණ මුදලක් වැය කර තිබූ බව  වාර්තාවේ පවසයි

මේ අතර සමාගමේ සේවකයන්ට ආහාර දීමනාව සහ පැමිණීමේ දීමනාව  ලෙස රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාලය පවසයි.

සමාගම සැපයුම්කාර ආයතන විසි අටක් සඳහා 2019 සිට 2021 දක්වා  ලක්ෂ විසිපහක මිලදී ගැනීමේ  අත්තිකාරම් ගෙවා තිබූ නමුත්  මිලදී ගැනීමේ කාර්යයන් නිමකර එම අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණු බව වාර්තාව සඳහන් කරයි

යන්ත්‍රාගාරයේ කටයුතු 2022 වර්ෂයේ දී ආරම්භ කර නොතිබිණද සේවකයන් 117 දෙනෙකු බඳවාගෙන වැටුප් සඳහා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වැය කර තිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.



අදහස් (0)

මිනරල් සමාගමේ කෝටි ගාණක බත්තල් ලොරි යන්ත්‍ර දිරන්න දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 15 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 598 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site