IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මිතුරන් අතින් ඝාතනය වූ කෝටිපතියාගේ සිරුර සොයන්න සැලසුම්

(නිමන්ති රණසිංහ)

රුපියල් කෝටි 100කට ආසන්න දේපළ ලබාගැනීමේ අරමුණීන් මිතුරන් දෙද‍ෙනකු අතින් ඝාතනය කෙරුණු බව කියන හලාවත කෝටිපති ව්‍යාපාරික ඉංජිනේරුවරයාගේ මළ සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් හලාවත කළපුවේ ලබන සතියේදී සෝදිසි මෙහෙයුම් අරඹන බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිදෙනකු සහ මාරවිල ප්‍රදේශයේ නිතීඥයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ මරණකරු විදේශගත වූ බවට ඇඟවීමට අදාළව ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් යැයි ද හෙතෙම සඳහන් කළේය.

මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කර දීම සඳහා එම නිලධාරීන් ප්‍රධාන සැකකරුගෙන් එක් අයකු සදහා රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ලබාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මරණකරු, 2019 මැයි මස 28 වැනිදා යූ එල් 225 දරන ගුවන් යානයෙන් විදෙස් ගතවූ බව හැඟවීම සඳහා මෙම ආගමන විගමන නිලධාරීන් ගුවන්තොටුපල දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇතැයි ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ සියලු දේපළ සැකකරුවන් විසින් මාරවිල ප්‍රදේශයේ පදිංචි නිතීඥවරයකු මගින් “ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින්” ප්‍රධාන සැකකරුගේ නමට ලිවීම හේතුවෙන් අදාළ නිතීඥවරයා ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව රහස් පොලීසිය පවසයි.

මරණකරුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ව්‍යාජ අත්සන් සහිතව පවරාගෙන ඇති තවත් සැකකරුවකු ද සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශකයන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද පැවසෙයි.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු ප්‍රධාන සැකකරු ඉතාලියට ගොස්, මරණකරු එවන ආකාරයට එස් එම් එස් පණීවිඩ කිහිපයක් සැකකරුවන්ගේ මෙරට ජංගම දුරකතනවලට එවා ඇති බවත්, “මම කරදරයක් නැතුව ආවා. මම මෙහෙට වෙලා ඉන්නවා. මගේ දේපල ටික විකුණලා ඒකෙන් ඔක්කෝම ණය ටික ගෙවලා දාන්න” යනුවෙන් එහි සටහන් කර ඇති බවත් විමර්ශනවලදී හෙලිවී ඇතැයි රහස් පොලිසිය පවසයි.



අදහස් (6)

මිතුරන් අතින් ඝාතනය වූ කෝටිපතියාගේ සිරුර සොයන්න සැලසුම්

පිටිගල මිලානෝ Tuesday, 28 September 2021 05:29 AM

කෝටි සීය, ඉතාලිය, වෙන්නප්පුව, මිනී මැරුම,...... තන්හා ජායතී සෝකෝ....!

:       0       4

sam Tuesday, 28 September 2021 08:31 AM

බලා පල්ලා මේක පිටිපස්සේ දේශපාලුවෙක් නැද්ද කියලා .සල්ලි කොතනද දේශපාලුවා එතන ඇති .මිනිස්සු ඒ තරමටම සැක කරලා තමයි මේ ඉන්න හැම දේශපලුවෙක් දිහාම බලන්නේ

:       0       6

සුවාරිස් Tuesday, 28 September 2021 11:47 AM

මෙහෙමත් මොල... මේවා හොඳ දේකට පාවිච්චි කළානම් කොච්චර දේවල් කරන්න පුළුවන්ද..? දැන් ඔක්කොම ඉවරයි. මේවාට අනුබල දුන්නු අයත් විඳවාවි... වැරැද්දක් කරලා මොන දහම් ගැට ගැහුවත් වැඩක් නෑ... කර්මයක් ගෙවන්න තිබ්බා නම් මොන විදියකට හරි ගෙවන්න වෙනවා එච්චර සල්ලි තිබිලත් මේ විදියට මැරෙන්න වුණා. වෙන රටකට වෙලා පාඩුවේ ජීවත් වෙන්න තිබ්බා.

:       0       11

Senarath Tuesday, 28 September 2021 01:04 PM

ගොඩක් වෙලාවට මිතුරු වෙසින් ඉන්නේ හතුරෝ ,එහෙම නැතිනම් අවස්තාවාදීන් .අතේ සල්ලි නැති දාට තමා ඒක තේරෙන්නේ .මේ සැකකරුවනුත් මේ ඝාතනය උන පුද්ගලයන්ගෙන් බොහෝ මුදල් ලාබ කාලයක් තිස්සේ ගන්න ඇති .ඒකෙනුත් සෑහීමකට පත් නොවී ඔහු මරා මුළු මුදල එක්වර ගන්න සැලසුම් කළා වගෙයි පෙනෙන්නේ

:       0       4

fairoos Tuesday, 28 September 2021 01:23 PM

දමිල ෆිල්ම් එකක් වගේ .එල්ලුම් ගහ නැති එකේ විපාක

:       1       3

sampath Tuesday, 28 September 2021 10:09 PM

මිතුරන් කිව්වට පාප මිතුරන් තමයි මේ මනුස්සය ආශ්‍රය කරලා තියෙන්නේ. තමන්ගේ වෘත්තියට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කලානම් මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නේ නෑ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31362 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13581 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 995 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site