IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


මැති - ඇමැති - ජනපති නෝනලාගේ වරප්‍රසාද කැපේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,  හිටපු රාජ්‍ය නායකයන්  සහ  ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසිනි.

යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් කාලයක් තිස්සේ  විඳින වරප්‍රසාද සුදුසු පරිදි අඩු කිරීම,  ඉවත් කිරීම හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා  පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු මන්ත්‍රීවරුන් තුළ එක මතයක් අැති කර ගැනීමට   සාකච්ඡා ආරම්භ කළ යුතු බවටත්  අනතුරැව  රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවටත්  මෙම  යෝජනාවේ  සඳහන්වේ.



අදහස් (9)

මැති - ඇමැති - ජනපති නෝනලාගේ වරප්‍රසාද කැපේ

Asela Monday, 10 February 2025 05:56 PM

සාමාන්‍යයෙන් කිසිම සිවිල් සමාජයක් හෝ සංවර්ධිත රටක් මැති ඇමතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කරන්නේ නැත. ඔවුන්ට අභිමානය, ආත්ම ගෞරවය සහ ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට ආශාවක් ඇත. ශ්‍රී ලංකාව හෝ මුළු දකුණු ආසියාවේම විවිධ දේශපාලන වර්‍ගවල වහලුන් සිටින බැවින්, සෑම කෙනෙක්ම ඕනෑම හොඳ දේශපාලඥයෙකුට අවමන් කර ඔවුන්ව තක්කඩි ලෙස හංවඩු ගසන්නේ කිසිදු සාක්ෂියක් නොමැතිවයි. දේශපාලන පක්‍ෂයක් ලෙස ජවිපෙ විසින් වගා කරන ලද හිරිහැර අද කිසිදු පක්‍ෂයකින් කරන ලද හානියට දෙවැනි නැත. මෙම මන්ත්‍රීවරුන් තම පැවැත්ම සඳහා මංකොල්ලකෑමට සහ ආදායම් ලබා ගැනීමට වෙනත් මාර්ග සොයනු ඇත..

:       129       25

manjulaMonday, 10 February 2025 07:04 PM

දේශපාලනය යනු සමාජ සේවයක් මිසරැකියාවක් නොවේ. එය තේරුම් ගැනීමට බැරි මෙතෙක් කල් සිටි දේශපාලකයන්ගේ වහළුන්ට පමණි.

:       9       110

ගුණරත්නTuesday, 11 February 2025 03:06 PM

දේශපාලනේ කියන්නේ රස්සාවක්, එතකොටයි එහි වගකීමක් තිබෙන්නේ, එය රස්සාවක් නොව නිකම් සමාජ සේවය කියනවා නම් සමාජ සේවය කරන එකා කරන දේවලට වගකීමක් නැහැ, අනිත් දෙය ඔය මිනිස්සු පූර්ණ කාලීන සමාජ සේවය කරනවා නම් කන්නේ බොන්නේ කොහොමද?

:       0       0

Chathuri Monday, 10 February 2025 06:32 PM

මේ තමයි ජනතාවට සුදුහුුණු ගාන්න පටන් ගැන්ම මේ දේවල් කොහොමත් මේ ආන්ඩුවෙන් කරගෙන යනවා නේ දැන්ද මෙයාලාට මතක්වුණේ? නාකි හැතිකරේ ජනතාවගේ මුදලින් යන බව හිතුමතේට ජනතාවගේ මුදල් බොරු ලියැකියැවිලි හදාගන මහාප්‍රමාණයෙන් කෝටි ගණනික් හොරා කන ඒවා සමගි ජනබලයේ මෝඩ නායකයා දන්නේ ම නැත්ද? දැන් බොරුවට මේ දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන්න අව්ශ්‍ය නැහැ. මේ අලුත් ආණ්ඩුව දන්නවා. කලයුත්තේ මොනවාද කියලා... ඔබලාට තියෙන්නේ දැනටත් ජනතාවගේ දේවල් භුක්ති විඳිමින් ඉන්න හොර නාකින්ව එළවන්න... නැත්නම් කියන්නේ ආණ්ඩුව පලි ගන්නවා කියලා. ආන්ඩුව පළිගන්නේ නැහැ. මොවුනුත් ඡන්ද රැස්වීම් තියලා මේ දේවල් කරනවා කිය කිය මිනිස්සු රවටලා රජ වුණා.. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මොවුන්ගේ සැප වාහන පර්මිට් බාර් පමිට් ඊටපස්සේ ජනතාවට බදු වැඩිකරන හැටි මේ ආණ්ඩුවට අත් තියන්න රට පෙරලන්න කිසිවකුට... ඉඩ තියන්නේ නැහැ..

:       11       68

යෝගා Monday, 10 February 2025 07:01 PM

හැමෝම දැන් තරගෙට ලකුණු දාගන්න වරප්‍රසාද කපන්න කතාකරනවා. වරප්‍රසාද කැපුවාම රට දියුණු වෙයිද? අලුත් ආදායම් මාර්ග ඇතිකිරීමට කිසිම සැලසුමක් නෑ. අනුන්ගෙන් පිනට කකා හිටිය අයට ඒ පුරුද්දෙන් මිදෙන්න අමාරුත් ඇති...

:       24       54

ලක්විදුMonday, 10 February 2025 08:22 PM

මේ යෝග උන්නැහේ.., ඔහේ ඔය දෙවනුව කියපු දේ රජය යස අගේට කරමින් පවතිනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ජනමාධ්‍ය ඒවා වැඩිපුර ප්‍රචාරය නොකරන එක. තප්පුලන්න කලිං හිතල බලන්න.

:       2       13

රුවන් Monday, 10 February 2025 08:08 PM

අසේල මහත්තයා අඩුම යුරෝපයේ එක රටක් හරි ගිහින් තියෙනවා ද? එහෙත් ලංකාවේ වගේ වරප්‍රසාද දෙනවද? අනේ බොරු නිකියා ඉන්න මහත්තයෝ ඉන්න. ලංකාවේ විශ්‍රාම වැටුප් ඇමතිවරුන්ට ගෙව්වේ ජෙ. ආර් 1977 පස්සේ. ඊට කලින් ලංකාව බංකොලොත් රටක් ද? සමහර රටවල් ස්වෙච්ඡා සේවයක් තමයි දේශපාලන කියන්නේ. නැතුව රැකියාවක් නෙමෙයි.

:       0       0

Jothi Tuesday, 11 February 2025 10:37 AM

එතකොට පෙන්ෂන්. එක්කෝ ඕනේ නැහැ

:       0       1

chinthaka Tuesday, 11 February 2025 10:44 AM

ජනතා නියෝජිතයෙකුට යම් ප්‍රමාණයක වරප්‍රසාද හිමිවිය යුතුයි , නමුත් ලංකාවේ පසුගිය කාලවකවානුව පුරාවටම සිදුවුනේ , තමුන්ගේ බිරිදගේ ඉදල නෑදා පරපුරටම රජයෙන් අසීමිත ලෙස සුඛෝපභෝගී ජිවිත අත්කර දීමයි. මෙය අනිවාර්යෙන්ම නැවැත්විය යුතුයි. දැන් දයාසිරිලා වගේ අය කුලප්පු වෙලා ඉන්නේ ඔය දේවල් කප්පාදු වෙන නිසා

:       0       7

ඔබේ අදහස් එවන්න

 

දියත

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 25 98 0

රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන හමුදා නිල ඇඳුම් කොටස් කීපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්


හිටපු ලොක්කෙක් දුවටත් මැතිසබේ වාහනයක් දීලා
2025 මාර්තු මස 25 303 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන ඇතැයි පා


ත්‍රිරෝද සොරාගෙන විකිණු සංවිධානාත්මක කල්ලියක් අල්ලයි
2025 මාර්තු මස 25 386 1

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල


කැනඩාවට පනින්න හැදූ 11ක් ගුවන්තොටේදී අල්ලයි
2025 මාර්තු මස 25 760 1

කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු , කට


බ්‍රිතාන්‍ය මෙරට හතර දෙනකුට දොර වහයි
2025 මාර්තු මස 25 1584 7

නීති විරෝධී ඝාතනය කිරීම්, වධ හිංසා සහ ලිංගික හිංසන සිදු කිරීම් ඇතුළු මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී සිදුකළ දැඩි මානව හිමිකම් කඩ කිරීම් හේතුවෙන් ශ්‍


අදත් තැනින් තැනට තද වැසි
2025 මාර්තු මස 25 78 0

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 258 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1221 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site