
මෙහෙවර පිණිස ගොස් උත්තම දළදාවේ
නිමකර මිහිර විඳ සුමියුරු තේවාවේ
විසිතුරු නරඹමිනි මඟ ආපසු ආවේ
මැතිඳුනි අහවරයි ඔබ පැවරුව සේවේ
(ආරියසේන හඳුවල)
( තිලකරත්න දිසානායක)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීමෙන් කටයුතු අවසන් කිරීමෙන් පසු නැදුන්ගමුව රාජා හස්තියා තම හාම්පුතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස වෙත පැමිණියාය.
පුරා දින 11 මඟ ගෙවා මහනුවර සිට ගම්පහ නැඳුන්ගමුව නිවෙසට පැමිණ රාජා තම හාම්පුතා වූ වෛද්යාචාර්ය හර්ෂ ධර්ම විජය මහතා හමුවට ගොස් තම රාජකාරිය අවසන් කර පැමිණි බව මේ ආකාරයෙන් දැනුම් දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මේ ඇතාට තමන්ගේ පාඩුවේ ඉන්ට දෙනවා නම් හොඳයි.
ඇත්තටම හරිම ආඩම්බරයි ජාතික සම්පතක් වන හස්ති රාජයානෙනි මුලු රටේම මිනිස්සුන්ගේ ආදරය ඔබට ලැබෙනව මෙවැනි ඉතාම වටිනා සම්පතක් රැක ගැනීම ගැන එම පවුලේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනව හස්ති රාජයානෙනි ඔබට දළදා සමිදු පිහිටයි
පරිස්සමින්. මේ ආණ්ඩුව පුලුවන්නම් මේ අලියාවත් පිට රටකට විකුනන්න කැබිනට් පත්‍රිකාවක් දායි
මේ අලියා පූරුවේ මොන තරම් පවක් කරලා ඇත්ද මේ වගේ තමන්ගේ රැහේ නිදහසේ ඉන්නේ නැතුව හැතැම්ම ගණන් පයින් ඇවිදින්න?
" දළදා සමිඳු වැඳ කොට උත්තම සේවේ .. පැමිණෙන විටදි ගරු සැලකිලි හිමි වූවේ .. දිගු දුර ගෙවා හනිකට නිවසට ආවේ .. වෙද පියතුමා දැක සෙනෙහස් දම් පෑවේ .. "
නැදුන්ගමුව රාජා හස්තියා තම හාම්පුතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස වෙත පැමිණියාය.
දැක්ක දුටු තැන අලි අැත්තු මරණ අපේ රටේ මේ ඉන්දියාවෙන් ගෙනාපු අතට තියෙන ගරු සත්කාර දැක්කාම අපිට හිතෙන්නේ ලංකාව බෞද්ධ යන නාමයෙන් පමණක් සිටින මිනිස්සුන්ගෙන් පිරි රටක් කියලයි..
ඇයි ඔයාට මොකද්ද තියෙන අමාරුව ?NGO කාරයෝන්ගෙන් ඔයාටත් ජරාව හම්බවෙනවාද ?පුදුම අමරුවක්නේ තියෙන්නේ පෙරහැර කාලෙට කකුල් දෙකේ තිරිසන් සතුන්ට මද කිපෙනවා
එතකොට උඹේ ඔලුව උඩ තියලද දලඳා වහන්සේ වඩම්මන්නේ ?
මේ සත්තු දම්වැල් වලින් ගැටගසා පොල් ගස්වල බැඳ තැබීම තරම් අමානුෂික දෙයක් තවත් නැහැ.මේ සතුන්ට නිදහසේ ඇවිදින්න ඉඩකඩ සහ අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයීමට නොහැකි කිසිම කෙනෙකුට ඔවුන් බාරදිය යුතු නැත. පෙරහැර ගැන මේ සත්තුන්ට අවභෝධයක් ඇතැයි සිතන්නට බැහැ. එනිසා පාවාඩ එලන තෙක් පාතබන්නේ නැතුව ඉන්නවා, හැකිලුන පාවාඩ සකස් කර ගන්නවා වගේ කතා හිතළු පමණයි. මේ සතුන් අයිති වනාන්තර වලටයි. පොල්ගස්වල බැඳ තබන්නට නෙවේ.
නුඹ පින් කළ ඇතු ර්ජෙකි
සමහරක් චීවරධාරීන් බුදුදහම විකුණගෙන කනවයි කියන එක නේද කෙටි උත්තරය...?
මේ සමහරු කෑ ගැහුවට මේ වගේ දළ තියෙන ඇතුන් ට අපේ රටේ නම් කැලේදී නිදහසේ ඉන්න හම්බවෙන්නේ නැහැ. දළ දෙක ගන්න අනිවාර්යයෙන්ම මරලා දානවා..