IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මැකෝ ඡන්දෙට සල්ලි ඉල්ලා මහ බැංකු අධිපතිට ලියයි.

 (සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ලිපියක් යොමු කරමින් පෙරේදා(23) ඉල්ලීමක් කළේය.

ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල ප්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කළ හෙයින් එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙම ඉල්ලීම කළ බවද පුංචිහේවා මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය බලාගෙන සිටින බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩව විදුලිය සැපයුමක් අවශ්‍ය වන අතර මැතිවරණ නිලධාරීන්ගේ සහ ඡන්ද අපේක්ෂකයන්ගේ ගමනාගමන කටයුතු සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක්ද එම කාලසීමාවේදී අවශ්‍ය වන්නේය.

මේ අනුව මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් සහ අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබාදීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන ප්‍රධානීන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

 



අදහස් (9)

මැකෝ ඡන්දෙට සල්ලි ඉල්ලා මහ බැංකු අධිපතිට ලියයි.

Bamunuarachchi Wednesday, 25 January 2023 06:55 AM

මැකෝ මැට්ටෙක් වගේ. බැංකු අධිපතිට පුළුවන්ද මැතිවරණ වලට සල්ලි දෙන්න? එහෙනම් වාහන ගෙන්වීමත් බැංකු අධිපතිට කියලා කර ගන්න පුළුවන් නේද?

:       25       11

BanunusinhaWednesday, 25 January 2023 09:25 AM

මෙතන තියෙන්නේ ඔබගේ දැනුම පිළීබඳ ප්‍රශ්නයක්

:       3       8

BamunuarachchiWednesday, 25 January 2023 05:34 PM

මුදල් කාරක සභාවේ කෙරුණු බැංකු අධිපතිගේ කතාව අහන්න ඒ සමග අද එසැණ පුවත් වල බැංකු අධිපතිගේ "ඡන්ද අපට අදාල නෑ" කතාව කියවන්න. මගේ කතාව මම කිව්වේ බැංකු අධිපතිගේ "ඡන්ද අපට අදාල නෑ" කතාවට කලින්...

:       0       0

BamunuarachchiWednesday, 25 January 2023 05:37 PM

මගේ දැනුම ප්‍රශ්නයක් කර ගන්න එපා. මේ විෂය ගැන ඔබේ දැනුම පෙන්වන්න මට ඔබේ දැනුම මැනගන්න. ඒ බැව් බැංකු අධිපතිටත් කියන්න...

:       0       0

චමින්ද Wednesday, 25 January 2023 04:05 PM

බමුණු ආරච්චි ඉතාමත් නිවැරදියි... ඉන්ධන සඳහා ගෙවීමට වෙන්නේ ලංකාවේ රුපියල් නොවෙයි.... ඩොලර් වලින් තමයි. ඉතින් රටේ ඩොලර් හිඟයක් තිබේ නම් දෙන්නේ කොහොමද උසාවි ගියා කියලා ඩොලර් ලැබෙනවද? ලැබෙනවා නම් කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න.. මම අහන්නේ මට නොතේරෙන නිසා.

:       0       1

ඉනායතුල්ලා Wednesday, 25 January 2023 07:07 AM

කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මැතිතුමා පළමුවෙන්ම තමාගේ ඉල්ලීම ඉටුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලන්ට තිබ්බා. මොකද්ද ඉහතකි ආයතනය ලවා ඡන්දය පරක්කු කිරීමට ආණ්ඩුව් තවමත්ඉ තාමක් පහල විදියට උත්සාහ කරමින් සිටිනවා.

:       2       15

nanda Wednesday, 25 January 2023 07:30 AM

මහාපරිමාණ හොකරම් ගැන කතා කරා. මහා පරිමාණයෙන් මේ දකවා මුදල් අච්චුා ගැහුවා. රට බංකොළොත් කරා. නමුත් ඡන්දෙට මුදල් නැහැ කියලා දිගටම බලා ඉන්න හදන එක සාධාරණද?

:       3       7

ashok Wednesday, 25 January 2023 07:34 AM

මෙම මැතිවරණ කොමිසම, ජපතාව පැත්තේ හිටගත් ස්වාධීන කොමිසමක් ලෙස ඉතිහාස ගත වෙනවා.

:       5       5

de silva berlin Wednesday, 25 January 2023 08:38 AM

ඡන්දෙට සල්ලි නොමැතිනම් අපිත් කැමතියි උදව් උපකාර කරන්න. කරුණාකර විශේෂ ගිණුමක් ආරම්භ කරන්න. පාර්ලිමේන්තු මැතිවරණත් ඔය සමගම තියන්න. එවිට මුදල් ඉතුරු වෙනවා.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 507 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site