IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්

(අංජුල මහික වීරරත්න)

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ  විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම, වලංගු රැකියා ඇනවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී ඇත.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාල සීමාව තුළදී ලබාදී ඇති අතර පැමිණිලිකරුවන්ට රුපියල් 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබේ. තවත් පැමිණිලි 680ට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම කාලයේ  විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් කළ ආයතන 8ක් ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඇත.

 



අදහස් (0)

මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්

ඔබේ අදහස් එවන්න

දියත

‘අසූ හැවිරිදි මව සිහිසුන්ව ගබඩා කාමරයේ:පුතා ඇතුළු පිරිස ආගිය අතක් නෑ‘
2024 මැයි මස 05 12 0

විජය රජදහන ප්‍රදේශයේ නිවසක ගබඩා කාමරයක සිහිසුන්ව වැටී සිටි අසූ හැවිරිදි වියේ පමණ වන වයෝවෘද්ධ කාන්තාවක දොරගුළු කඩා මුදා ගෙන අද ( 5) අලුයම රෝහල් ගත කළ බව ම


මොරටුවේ කඩයක ගින්නක්
2024 මැයි මස 05 115 0

මොරටුව කටුබැද්ද දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මවත්වාගෙන යන වෙළෙඳ සැලක ගින්නක් හටගෙන ඇති බව මොරටුව පොලිසිය පවසයි .


‘කිරිකැටියන් 1700ක් දන්දීලා‘
2024 මැයි මස 05 156 0

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩිවී ඇතැයි වාර්තාවේ.


‘පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වෙලා‘
2024 මැයි මස 05 178 0

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හදුනාගෙන වාහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවදානය


‘ඉන්දීය ලූනූ ගෙන්වීමට බාධාවක්‘
2024 මැයි මස 05 300 0

මිල පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ලූනූ ගෙන්වීමට බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.


ආණමඩුවේ ගම්වලට වල් අලි රංචු කඩා වදිති
2024 මැයි මස 05 143 0

කැලෑ ගිනි තැබිමේන් පසු දළුලමින් පැවතින අලි මානා ඇතුළු විවිධ තෘණ වර්ග වල රස බැලිමට මේ දිනවල වල් අලි රංචු පිටින් ආණමඩුවේ ගම්මාන වලට කඩා වදිති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 488 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1934 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1703 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site