(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමාව අද රාජ්‍ය සේවකයා අනාථ කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් රජය බිහි කරන්නට දැවැන්තම ජන වරමක් ලබා දුන් රාජ්‍ය සේවක ප්‍රජාව වෙනුවෙන් රජය ඉටු කරන දේවල් සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවට එක්වෙමිණි. වත්මන් රජය වෙනුවෙන් ලක්ෂ 14ක් 15ක් වන රාජ්‍ය සේවකයන් ඉහළ ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කළ බවත් එම දැවැන්ත ජනවරම තුළ රාජ්‍ය සේවකයා තෘප්තිමත් ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කරනවා කියා විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවක පිරිස අනාථ කර ඇති බවත් විදුලි බල ක්ෂේත්‍රයේ විදුලි ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම යන කොටස්වල ලොකු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වී තරගකාරීත්වය සහිත නව වැඩපිළිවෙළකට යා යුතු වුවත් මේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
විදුලි සේවකයන් මහපාරට බස්සවා පවතින ආණ්ඩු අපහසුතාවට පත් කර රාජ්‍ය සේවකයාගේ කර පිටින් බලයට පැමිණි වත්මන් රජය අද විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන් අනාථ කර ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
එදා විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයා ලෙස කටයුතු කළ පුද්ගලයා ඒ පිහිටෙන් කඩුවෙල නගරාධිපති වූ පසු විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාලිමා රජය රාජ්‍ය සේවකයා අනාථ කරලා