IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාලිමා මන්ත්‍රි ඇතුළු පිරිස පහරදි පොලිස් නිලධාරියක් රෝහලට

(පී.ආර්. ගමගේ)

රාජකාරි අවසන් කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සහායක නිලධාරීවරයකුට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු   ඇතුළු පිරිසක් පහර දුන් බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට රෝහල් ගත කර ඇත

පසුගියදා බුළු⁣තොට , වැලිආර ප්‍රදේශයේදි කංසා වගාවක් වැටලිම සදහා මෙම පොලිස් නිලධාරියා සහභාගි වී ඇත. එහිදි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීී වරයාගේ මාමාගේ ඉඩමේ පිටස්තර පුද්ගලයකු විසින් කංසා වගාකර ඇති බවට හෙළිවීමත් සමග මන්ත්‍රීී වරයාගේ නම සමාජ මාධ්‍යයේ සංසරණය වනු දක්කට ලැබීම හේතුවෙන් පොලිස් නිලධාරියාට මෙසේ පහර දුන් බව ඔහු පවසයි.

පොලිස් නිලධාරි වරයා පවසා සිටියේ ඊයේ රාත්‍රී තම රාජකාරි අවසන්කර නිවස බලා ආපසු එන ගමනේදි තමා හට පහරදීමට අවස්ථා දෙකකදි පිරිසක් විසින් උත්සාහ කළ බවත් දෙවෙනි අවස්ථාවේදි කළුගල හේමගිරි විහාරස්ථාන මාර්ගයේදි ඔහු පැමිණි යතුරුපැදිය නතර කර එහි යතුරද පැහැර ගෙන වාහනයේ සිටි රියදුරු සහ මන්ත්‍රී වරයා ඇතුළු කණ්ඩායමක් වාහනයෙන් බැස තෝව මරණවා යයි පවසමින් පහර දී ඇත. එම ස්ථානයේ තිබු නිවසකට තමාව කොටුකර ගැනීමටද ඔවුන් උත්සාහ කල අතර එයද ව්‍යර්ථව ගියේය. 

ඉන්පසු වෙනත් ස්ථානයකදි ඔවුන්ගේ කැබ් රථය හරස්කරමින් නතරකර ඔහුයන මගට පැමිණ ඔහුගේ මුහුණට කසිප්පු පිරවු පාර්සලයකින් දමා ගැසු බවත් පොලිසියට පවසා ඇත. එහිදි මෙම දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී ඇති අතර පොලිස් නිලධාරියා ඉතා අසීරුවෙන් එතැනින් කැලයක් මැදින් නිවසට පලා ගිය බවත් 1990 ට කතා කළත් එය පලක් නොවු බවද පැවසිය.

පසුව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීී බී. ආර්යවංශ මහතා පැමිණ කොළොන්න රෝහල වෙත යොමු කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කරයැවු බවත් පැවසිය. ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරියා හෘද රෝගයටද වෛද්‍ය ප්‍රථිකාර ලබන බවටද රෝහල් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (0)

මාලිමා මන්ත්‍රි ඇතුළු පිරිස පහරදි පොලිස් නිලධාරියක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site