(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය පෙබරවාරි මස උද්ධමනය සියයට 5.1 ක් ලෙස පැවැති බවත් ඒ අනුව මාර්තු මස සියයට 2.6 කින් උද්ධමනය පහළ ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
පෙබරවාරි මාසයේ සියයට 5.0 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේ නොවෙනස්ව පැවතුණ ද පෙබරවාරි මස සියයට 5.1 ක්ව පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මස වන විට සියයට 0.7 ක් දක්වා පහත බැස ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ධමනය කියන්නේ මොකක්ද කියල හරියටම නොදැන ඉලක්කම් බොරු කියල කියන අයට විනාඩියක නිශ්ශබ්දතාවය.