
(සුජිත් හේවාජුලිගේ)
මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල වැය කර ඇත්තේ 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම මුදලට මගේ නැගුම ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් 6 426 ක් ප්‍රතිසංස්කරණය අලුත් වැඩියාව සහ සංවර්ධන කටයුතු සඳහා වැය කළ රුපියල් කෝටි 381ද ඇතුළත්වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අධිකාරියේ විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය යටතේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
මේ අතර සමස්ත මාර්ග පද්ධතියේ දුර ප්‍රමාණයෙන් සියයට 73 ක ප්‍රතිශතයක් වූ කිලෝමීටර් 8958 ක මාර්ගයන්හි වූ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවල දක්වා නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
තවද මාර්ග පද්ධති සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවක් පත් කර මාර්ග පද්ධති සංවර්ධනය සහ නඩත්තුව සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාව පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
COMMENTS
මේ සියල්ල සිදුව ඇත්තේ පළපුරුදු කජු කෑ පබිලගේ කාලය තුළදීයි... තේරුම් ගතයුත්ත මොවුන් මහජන මුදලින් සූදු කෙල ඇති ආකාරයයි...
බලනකොට හැමදේම හබක්. තව අය එනවා මේ ආන්ඩුවේ ඇද හොයන්න. මහම පව්කාර හැත්තක්..
ඒවා ඉතිං මයිනගෙයි මයින පැටවුන්ගෙයි කපුටගෙයි අයථාමාර්ග සංවර්ධනයට යොදවන්න ඇති
එතකොට ඒ පාරවල් හදන්න, නඩත්තු කරන්න ඕනේ නැද්ද? ඒවා කරන්නේ කවුද? කාගේ සල්ලි වලින්ද?
ඉන්න අය එකතු වෙලා යටිමඩි ගහන්ඩ ඇති..දූෂිත නායකයෝ,දූෂිත දේසපාලුවෝ ඉන්න රටේ කෙරුව්වාවල් ගැන කවර කතාද
ඉතින් මේක කරපු අයට දඬුවමක් දෙන්න බැරිනම් ඔය වැඩේ මේ ආණුඩුවෙත් වෙනවා නේද?
අයිතිය පවරාදීම කළා නම් ඉවරයි. මාර්ග හදන්නේ තියෙන්නේ. ගැටළුව වන්නේ මාර්ග සංවර්ධන සඳහා තවත් ආයතන පැවැතීමයි. එම ආයතන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මෙම සංවර්ධන කටයුතුවලට යෙදීම වරදක් නොවේ...
කපුටු කාක් කාක් කාක්...
වහාම එම නිලධාරින් අධිකරණයට පමුණුවා දඬුවම් දී ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් නාස්තියේ හැකි තරමක් පියවා ගන්න. එවිට ඔවුන් සත්‍ය හෙළිකරාවි...
නිශාන් වගේ මෙලෝ දෙයක් දන්නේ නැති අය හිටපු නිසා තමයි රටට මේ තරමට කෙළවුණේ...
හොඳ හොඳ කොමිස් වලට ඒ ගොල්ලන්ගේ යාලුවන්ට ගසා කන්න තමයි එහෙම කරන්නේ. මයිනගේ කාලේ ඒ වගේ දේවල් ජයටම කෙරුණු විත්තිය මුළු රටම දන්නවා...
තමන්ගේ විෂය පථයට අදාල නොවන දේවල් කරන්න ගිහින් ඇණගන්නවා. වර්තමාන ආණ්ඩුවේත් ඒ බව පේනවා. අදාළ විෂය බාර අය, මාධ්‍යයට ප්‍රකාශ කළ යුතු අතර වොයිස්කට් මේනියාවෙන් මිදී කටයුතු කළොත් කරන්න වෙන්නේ නැහැ. එමෙන්ම මේ සා මුදලක් වැයකර සාදන ලද පාරවල් සම්බන්ධව ලැයිස්තුවක් පලකිරීමත් වැදගත්...
ඔයා ඔයාගේ සල්ලි වලින් අල්ලපු ගෙදර කෙනාට සාරි අරන් දෙනවාද? නිකන් බයිලා නොකියා ඉන්න...
ඩොලර් මිලියන 500 (උද්දමනය එක්ක ඩොලර් මිලියන 800ක්) කජු ඇටද කොස් ඇටද නෙමෙයි මේවා... මේවා ණයට ගත්තු සල්ලි අපි පොලියත් එක්ක ගෙවන්න ඕනේ. මේවාට වගකියන්න ඕනේ අය යට ඉඳන් උඩටම දඬුවම් දෙන්න ඕනේ...!
ලංකාවේ සියලුම රජයේ ආයතන වලට ප්‍රධානියා වශයෙන් සුදුසුකම් සහිත විදේශීයන් බඳවා ගත්තා නම් රාජ්‍ය තාන්ත්‍රය නියම විදිහට කාර්යක්ෂම කළ හැකියි. ඔන්න ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කරන්න පූළුවන් තවත් වැදගත් වැඩක්. මේවා ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි, බය නැති නායකයෝ ඉන්න ඕනේ. ඔය ජනමාධ්‍ය මගින් හසුරවනු ලබන නායකයින්ට ඕවා කරන්න බැහැ....
ඔය විෂය පථය අදාල වන ආයතනවල නම් සහ එම ආයතන අදාල කටයුත්ත පැහැර හැරීමට හේතුවත් සඳහන් කරන්න.
අපරාදේ, මේ පාර අපිට අයිති නෑ අයිති අයට කියලා හදවාගන්න කියලා මිනිස්සුන්ට ලෙඩෙක් අරගෙන යන්න, වාහනයක් අරගෙන යන්න, ළමයින්ට ඉස්කෝලෙට යන්න එපා කියලා කිව්වා නම් ඔය ප්‍රශ්නේ නෑනේ. කල්පනා කරලා බලන්න ඔන්න විගණනයේ තත්ත්වය. ලෙඩා මළත් බඩ සුද්දයි තියරිය. අර මිනිහෙක් වතුරට වැටුනාම මොකද කරන්නේ කියලා සේවකයෙක්ගෙන් ඇහුවාම ඒ මනුස්සයා බේරා ගන්න කියලා ඉල්ලීමක් එන්න ඕන, ඒක තමාගේ ප්‍රධානියා මඟින් එන්න ඕන, ඒකට ලිඛිත අවසරය ගන්න ඕන, ඒවා ගොනු ගත කරන්න ඕන, ඒක තමගේ විෂය පථයට එන්න ඕන කියලා සේවකයා කිව්වාකියලා විහිළු කතාවක් අහලා තියෙනවා.බලන් ගියාම ඇත්තනෙ කතාව.