(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ආවරණය සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ආයතන විසින් නම් කෙරුණු සියලුම මාධ්‍යවේදීන්ට එම ආවරණ කටයුතු සඳහා අවසර දීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
කොවිඩ් පැතිරීම ඉහළ යෑමත් සමග පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සඳහා අවසර දෙනු ලැබුවේ සෑම මාධ්‍ය ආයතනයකින්ම එක් මාධ්‍යවේදියකුට පමණි.
පාර්ලිමේන්තු ආවරණය කරන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සියලුම මාධ්‍යවේදීන්ට මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය සඳහා අවසර හිමි වනු ඇත.
පාර්ලිමේන්තු ආවරණයට නම් කෙරුණු සියලුම මාධ්‍යවේදීන්ට අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙන්ම ඉදිරි අයවැය යෝජනා විවාදද ආවරණය කිරීමට මේ අනුව හැකිවනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මාධ්‍යවේදීන්ට පණවා තිබූ සීමා මෙසේ ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ කොවිඩ් පැතිරීම අඩුවීම සැලකිල්ලට ගෙන යැයි එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආරක්ෂක අංශ නිලධාරීන්, පාර්ලිමේන්තු සේවකයන් හා ජනමාධ්‍යවේදීන් ඇතුළු පනහකට ආසන්න පිරිසක් කොවිඩ් රෝගයට පසුගිය කාලයේදී ගොදුරුවූහ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු යන්න අවසර
සනත් ගමගේ Sunday, 17 October 2021 03:41 PM
මාධ්‍යවේදීන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විම් වාර්තා කිරීමට අවසර ලබාදෙන්නේ කවදාද?