(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ හේමලතා ඩී.හේවගේ )

කොටදෙනියාව දියගම්පල වැලිහිඳ  ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ ගමනාගමනය අද අලුයම සිට ඇනහිට පවතී.

කොටදෙනියාව පන්නල මාර්ගයේ පිහිටි මිත්‍රත්ව පාලම යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද ඇනහිට පවතී 

ඊයේ රාත්‍රී දහය පමණ සිට මා ඔයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.

මෙයට අමතරව නාල්ල ප්‍රදේශයේ නිවාස රැසකට ද ගිරිඋල්ල නගරය ද  ජල ගැලීමෙන් හානිවී සිදුවී ඇත.