(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)

අලුත් අවුරුද්දට මාළු මිලදී ගැනීම සඳහා බේරුවල වරායට සිය පියා සමග පැමිණි 12 වියැති දැරියක අද ජැටියෙන් මුහුදට වැටි ඇති අතර බෝට්ටුවක සිටි ධීවරයකු ඇය බේරාගෙන ඇත.

දැරිය වැටුණු එම ධීවරවරාය අඩි 30ක් පමණ ගැඹුරු බව ධීවරයෝ පැවැසූහ.

මාළු මිළදී ගැනීම සදහා ධීවර වරායට  විශාල පිරිසක් පැමිණි අතර , එහිදී ඇති වූ අධික තෙරපීම සමග තවත් මාළු මිලදී ගැනීමට ආ වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ වැදී ලිස්සා ගොස් දැරිය මුහුදට වැටී ඇතැයි ධීවරයෝ පැවැසූහ.

දරුවා මුහුදට වැටෙනවත් සමග බෝට්ටුවක සිටි ධීවරයකු මුහුදට පැන ගිලෙමින් සිටි දැරිය බේරා ගත් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙම ප්‍රදේශය නිතර බෝට්ටු යාත්‍රා කරන නිසා එවායින් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් එම මුහුද ජලය අවපැහැගැන් වී ඇති නිසා ගෙඩගත් දරුවා ක්ෂිණිකව නාවා පිරිසිදු කළ බව ද වාර්තා වේ.

වෙනත් දිනවලදී ධීවර යාත්‍රා එකකට එකක් සම්බන්ධ වන අයුරින් වරායේ ගාල්කර තිබෙන නමුදු මෙම සිද්ධිය වූ අද පෙරවරුවේ එවැන්නක් දක්නට නොලැබුන බවත්, එසේ ගාල්කර තිබුණේ නම් දරුවා බේරාගැනීම අපහසු වන බව ධීවරයෝ පැවැසූහ.