(තිලකරත්න දිසානායක)
තෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දෙදෙනකු මියගොස් පවුල් 39,742 ක සාමාජිකයින් 1,61,387 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 422 ක වැසියන් පීඩාවට පත්ව ඇති බවත් මින් වැඩිම පිරිසක් වත්තල, කැලණිය සහ ගම්පහ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්ගෙන් වන අතර වත්තල කොට්ඨාසයේ පුද්ගලයින් - 53,043 දෙනෙකු , කැලණිය පුද්ගලයින් - 39,418 ක් සහ බියගම කොට්ඨාසයේ පුද්ගලයින් - 16,241 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් දිස්ත්‍රික්කයේ සෙසු කොට්ඨාස දහයෙහිද පිරිස් පීඩාවට පත් සිටින බවත් දිසාපතිවරයා සදහන් කරයි
මෙම ආපදාවෙන් අත්තනගල්ල සහ දිවුලපිටිය කොට්ඨාසයන්ගෙන් පුද්ගල මරණ දෙකක් වාර්තාවී ඇති අතර බියගම, කටාන, දිවුලපිටිය සහ මහර යන කොට්ඨාසයන්හි නිවාස 4 ක් පූර්ණ වශයෙන්ද අනෙකුත් කොට්ඨාසයන්හි නිවාස 160 ක් අර්ධ වශයෙන්ද හානියට පත්ව ඇත.
මෙලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට පිසූ ආහාර ඇතුලු අවශ්‍ය පහසුකම් සැලසීම පිනිස කඩිනමින් පියවර ගන්නා ලෙසට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාල අංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පැවසූ දිසාපති සුනිල් ජයලත් මහතා , පීඩාවට පත්ව සිටින පිරිස් වෙත පිසූ ආහාර , වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යාවශ්‍ය මූලික කටයුතු සදහා දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත ඊයේ දහවල් වනවිට රුපියල් ලක්ෂ 260 ක මුදලක් ලබාදී ඇති බවද කීය
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2311
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහ වැස්සෙන් ගම්පහ දෙදෙනෙක් මරුට