
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එළිසෙබෙත් මහ රැජින ක්‍රිස්තියානි ආගම ඇදහුවද මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවෙි බුද්ධ ජයන්ති සැමරුමට ද මහ රැජින සහාය දැක්වූ බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ ශෝක යෝජනාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එලිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ ලංකාව ජනරජයක් බවට පත්වූවාට පසුව මෙරට ඇතැම් ගැටලු විසඳීමට ද රැජින සහාය දුන් බවයි.
ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයම පරිවර්තනයට ලක් කළ තැනැත්තියක් ලෙස මහ රැජින සැලකිය හැකි බව ද නමුත් අනිත්‍ය කියන දේ ලෝකය තුළ පවතින දෙයක් යැයිද එය තේරුම් ගත යුතු බවද ජනාධිපතිවරයා මහ රැජිනගේ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ,අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ,මහත්වරු ප්‍රමුඛ මන්ත්‍රීවරු ද ශෝක යෝජනාවේ අදහස් දැක්වූහ.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ රැජින වෙනුවෙන් මැති සබෙි සොව පළ වෙයි
මංගල Friday, 23 September 2022 02:02 PM
'එළිසෙබෙත් මහ රැජින ක්‍රිස්තියානි ආගම ඇදහුවාද මෙරට බුදුදහම ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය' .... වෙන මොනවද කියන්න පුළුවන්?
de silva Friday, 23 September 2022 02:04 PM
අනේ දැන් සති 02ක් විතර රජීව්ගේ අභාවය අල්ලගෙන නැතුව හොඳටම ඇති. රටේ මිනිස්සු බඩගින්නේ අපේ ප්‍රශ්න විසඳන්නේ චාර්ල්ස් රජතුමාද?
de silva Friday, 23 September 2022 02:14 PM
එළිසබෙත් මහ රැජිණ ලංකාවේ බුදුදහම ආරක්ෂා කළා? මේ මොන විකාර කතාවක්ද? එතුමිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් එංගලන්තයේ හෝ ලංකාවේ පන්සල් හැදුවාද?
විපරමා Friday, 23 September 2022 03:00 PM
පරගැතිකම... රනිල්ගේ බාප්පත් ක්‍රිස්තියානි බිෂොප් කෙනෙක් හින්දා වෙන්නැති ඔයතරම් උජාරුවට කතා කරන්නේ...?
Senaka Friday, 23 September 2022 03:39 PM
අපොයි ඔව්... ලංකාව පුරාම ක්‍රිස්තියානි පතුරවලා, බෞද්ධයින් ටික සල්ලි දීලා ක්‍රිස්තියානි කරන්න පුදුම සහායක් දුන්නේ...