(සුජිත් හේවාජුලිගේ )
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත.
මේ අතර මේ ආකාරයට වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
සාමාන්‍ය සේවකයන්ට රුපියල් සීයක් වැඩි කර ගන්න ගියාම දැවැන්ත ලෙස විරුද්ධ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ ආකාරයට තමන්ට බෙදා ගැනීම අසාධාරණ හෙයින් ඒ ගැන වහා සොයා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීමේ පියවර දැඩි ලෙස විවේචනය කළහ.
මේ කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
එහිදී ඊට ප්‍රතිචාර දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසුවේ එසේ කටයුතු කිරීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට කැඳවීමට අවස්ථාව ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අනූ දෙනකු රට හැර ගොස් ඇති හෙයින් එම ප්‍රශ්නයටද විසඳුම් ලබාදිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් ඔවුන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන බවත් රට දැනුවත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ බැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි