IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහා බැංකුවේ වැඩේ වැරදිලු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ  බැංකුව සියයට පනහකින්  වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන  බවත් පඩි වැඩි කර ගැනීමට පෙර  එහි ප්‍රධානීන්ට   රටේ තත්වය සලකා බැලීමට හැකියාව තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම  සමාලෝචනය සඳහා  පත් කෙරුණු විශේෂ ස්වාධීන කමිටුව සිය වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇත.

මහා බැංකු ඉහළ සහ පහළ  නිලධාරීන්  එකම සාමූහික ගිවිසුමක් යටතට ගැනීම වැරදි බවත් සාමූහික ගිවිසුම පුද්ගලයන් පදනම් කරගෙන දෙකට බෙදිය යුතු බවත්  එම වාර්තාවෙන්  ප්‍රකාශ කර ඇත.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ මත  මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබුවේ  ඉකුත් මාර්තු මාසයේදී ය.

දිනේෂ් වීරක්කොඩි  මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සුධර්මා කරුණාරත්න, නිහාල් ෆොන්සේකා, අනුෂ්ක එස් විජේසිංහ,  අර්ජුන හේරත් දුමින්ද හුලංගමුවසහ කේ.වී.සී දිල්රැක්ෂි යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

මහ බැංකුවේ කළමනාකරණ  සහයකයන් සහ කාර්යාල කාර්ය සහයකයන්  රටේ අනෙකුත් කාර්ය මණ්ඩලය වලට සමාන විය යුතු බවත්  මහ බැංකුවේ සේවය කළ පලියට ඒ අයට වෙනම පඩි වැඩි කිරීම් නොකළ යුතු බවත් එම කමිටුව සඳහන් කරයි.



අදහස් (4)

මහා බැංකුවේ වැඩේ වැරදිලු

රටට ආදරය කරන පුරවැසියෙක් Wednesday, 19 June 2024 11:33 PM

මහ බැංකු අධිපතිගේ සිට සමස්ත කාර්ය මණ්ඩලයට වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුව ලබාදී ඇති තීරණය සමස්ත රටවැසියන්ගේ ප්‍රසාදයට හේතු වන කාරණයකි. මන්ද රට පත්ව ඇති තත්ත්වය හමුවේ මෙවන් වැටුප් වැඩි කර ගැනීම කිසිසේත්ම නොවිය යුත්තක් බැවිනි. වැටුප් වැඩි කර ගැනීම වැරදි සහගත ක්‍රියාවක් බවට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුව ලබාදී ඇති තීරණය මත එම වැටුප් වැඩි කිරීම වහාම අත්හිටුවීමටත් සහ වැඩිකළ වැටුප සේවකයින්ට ගෙවා තිබේනම් එම මුදල් ආපසු අයකර ගැනීමටත් රජය පියවර ගත යුතුය.

:       3       2

Prabha Thursday, 20 June 2024 12:08 AM

ඕකට කමිටු ඕනෙද.මොලේ කලඳක් හරි තියන ඕන කෙනෙක්ට තේරෙනවා

:       3       7

Lalla Thursday, 20 June 2024 09:20 AM

කොන්ද පණ තියෙන යෝජනා.අපගේ ආචාරය...

:       3       3

prasad Thursday, 20 June 2024 10:41 AM

එන්න අපි තව බදු ගෙවමු

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 526 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site