IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ බැංකුවේ වැටුප් වැඩි කළාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් පමණ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ  නොසන්සුන් තත්ත්වයක් අද (21) ඇතිවිය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  ජගත් කුමාර සුමිත්‍රආරච්චි  මහතා පැවසුවේ සාමාන්‍ය මිනිස්සුන්ට රුපියල් සීයක් දෙසීයක් වැඩි කරන්න ගියාම  මහා බැංකුවේ මුදල් අමාත්‍යාංශය අය පට්ට විදියට විරුද්ධ වෙන බවයි.

එහෙම කරන අය ඒගොල්ලන්ට ලක්ෂ ගණනින් බෙදාගෙන ඇති බවත් මෙය මහා අපරාධයක් බවත් ඔහු කීවේය.

පාර්ලිමේන්තු බලය පාවිච්චි කර සැමට සාධාරණයක් කරන්න  යැයිද  ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ඒ අයගේ පඩි වැඩි කරගන්න හැකියාව තියෙන්නෙ මොන පනතෙද. මට පෙන්නන්න වගන්තිය. සියයට 70 කින් පඩි වැඩිකරගෙන තියෙනවා. එම නිලධාරින් පාර්ලිමේන්තුවට කැඳවලා මේ ගැන අහන්න ඕන.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා.

මේ ගැන පාර්ලිමේන්තු බලතල අනුව කටයුතු කරන්න පුළුවන් මුදල් කාරක සභාවට කැඳවන්න  පුළුවන්. ඒ ගැන කිසිදු ගැටළුවක් නැහැ

මේ ආර්ථික වැඩපිළිවෙලට මුදල් අමාත්‍යාංශය වගේම  මහා බැංකුව විශාල දායකත්වයක් දැක්වූවා. මහා බැංකුවේ අනූ දෙනකු පිටරට ගිහිල්ලා. ඒ අය රඳවා ගන්න අපිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා.

ජනතාවට අමාරුම යුගය අපි පහු කරනවා. රාජ්‍ය  ආදායම වැඩිකර ගන්න වෙලා තියෙන්නෙ බදු වලින්. රාජ්‍ය ආදායම ශක්තිමත් කරන්නේ කවුරුන් වෙනුවෙන්ද. මළ ගෙදර සූදු කෙලින්න ලෑස්ති වෙන්න එපා.



අදහස් (1)

මහ බැංකුවේ වැටුප් වැඩි කළාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

මැක්ස් Wednesday, 21 February 2024 04:45 PM

විලිලැජ්ජා නැති මහා බැංකුවට එරෙහිවවත් මේරටේ දේශපාලන පක්ෂ එකා වගේ විරෝධය පලකිරීම සුබ ලකුණක්. ඒත් කෝ මේ කොයි දේටත් කට දාන ජාජබයෝ තුන් දෙනා..? ඒ ගොල්ලන්ගේ සමාජ මාධ්‍ය ගෝල බාල රෑනත් ඒ ගැන නිශ්ශබ්දයි නේද?

:       20       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site