IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ බැංකුව තමාට බෙදා ගැනීම වැරදියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නීතිය මඳකට පැත්තකින් තබා සදාචාරාත්මක පැත්තෙන් සිතුවත් රට  අමාරු තැනක තිබියදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

අනෙකුත් රාජ්‍ය සේවකයන්ට රුපියල් දහදාහක් පමණක්  ලැබෙද්දී මේ අය බෙදා ගැනීමේ සදාචාරය කුමක්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කී අමාත්‍යවරයා එය ව්‍යවස්ථාවෙන් ද සහතික කර තිබෙන්නේ යැයිද ආයතනයක් ස්වාධීනයි කියා රට උපයන මුදල් ඒ ආයතනයට හිමි වන්නේ නැතැයි ද සඳහන් කළේය.



අදහස් (4)

මහ බැංකුව තමාට බෙදා ගැනීම වැරදියි

Banda Wednesday, 21 February 2024 01:30 PM

අපිටත් ටිකක් බෙදුවා නම් හරි... මීට තායි සේ ...

:       0       10

පිටරටවැසියා Wednesday, 21 February 2024 01:48 PM

රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවට කියලා, දියවන්නාවේ 226ම ඒ ගොල්ලන්ටත් ඇති වෙන්න බෙදා ගනියිද කියලයි මට බය...

:       1       13

ajith Wednesday, 21 February 2024 02:51 PM

අපි බෙදා ගත්තාට ප්‍රශ්නයක් නැහැ නේද?...

:       1       3

නිකමා Wednesday, 21 February 2024 04:45 PM

මහ බැංකුව කියන්නේ සත පහක්වත් ලාබ උපයන ආයතනයක් නෙවෙයි. අනිත් බැංකුවල තැන්පතු ටික තමන්ගේ කරගෙන තමන්ටම බෙදාගන්න තැනක්. රට බංකොළොත් කරපු කට්ටිය එතැනදී වගකීම තමන් විසින් ගන්නේ නෑ. පඩි වැඩි කරන්න නෙවෙයි, කරපු වැරැද්දට පඩි අඩුකර ගත යුතුයි. ඒ මුදල් ආපසු රජයට දෙන්න වටිනවා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site