IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහ බැංකුව කෝටි 20,000ක් මුදා හරියි

(විමුක්ති එස් රුද්‍රිගු)

බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08) රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.

එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙම තීරණය හේතුවෙන් රුපියල් බිලියන 200 ක් පමණ මුදලක් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

එමගින් බලපත්‍රලාභී බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමට බැංකුවලට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.



අදහස් (10)

මහ බැංකුව කෝටි 20,000ක් මුදා හරියි

ලුම්බිණි Thursday, 10 August 2023 02:29 PM

එතකොට උද්ධමනයට මොකද වෙන්නේ?

:       3       27

SunilThursday, 10 August 2023 05:36 PM

උඩු ගුවනේ ඩොලර් යයි පාවිපාවී...

:       0       0

පෙරේරා Thursday, 10 August 2023 07:23 PM

බැංකු පොලි අනුපාත තමයි පහළ යන්නේ...!

:       0       0

Nimal Thursday, 10 August 2023 02:32 PM

ඉන් එක කිරි කන්ඩුලක් පින්වතුනෙ, කිරට හන්ඩන මගෙ දරුවට දුන මැන.

:       2       1

අනුර Thursday, 10 August 2023 05:43 PM

උගන්ඩාවටද, සැන් මැරීනෝද, නැත්නම් සීෂෙල්වලටද?

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 10 August 2023 07:21 PM

නන්දලාලුත් රනිල් වගේම සුරංගනා කතා කියනවා.

:       0       0

Mo77 Thursday, 10 August 2023 07:35 PM

මෙහිදී මුදල් සැපයුම වැඩි වේ. එම නිසා උද්ධමනය වැඩි වන අතර ණය පොලිය අනුපාතික හා ඉතුරුම් පොලී අනුපාතික අඩුයි. නමුත් අවදානම නිසා ණය පොලී අනුපාතිකය අඩු වීමට ඉඩක් නැත. එය වාණිජ බැංකුවලින් සිදු නොකරයි. සත්‍ය වශයෙන්ම බලනවා නම් විනිමය අනුපාතිකය ඩොලර්ට එරෙහිව රුපියල පිරිහීමට පත්වෙනු ඇත. නමුත් මහ බැංකුව කෘතිමව විනිමය අනුපාතිකයක් පාලනයක් කෙරෙන නිසා ඩොලරය රුපියලට එරෙහිව වැඩි වීමක් බලාපොරොත්තු විය නොහැක. නන්දෙ ආර්ථිකය කඩා වැටුණාට පසු ඕස්ට්‍රේලියාවට චුත වෙනු ඇත. ආර්ථිකය කඩා වැටීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැතිවරණයකින් පසුව අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් වනු ඇත.

:       0       0

Piyasiri Daranagama Friday, 11 August 2023 05:12 AM

මෙමගින් භාණ්ඩ හා සේවාවල මිල ඉහල යන වෙළඳපොලේ තවත් බොහෝ මුදල් සංසරණයට නැඹුරු නොවේද? මෙමගින් ශ්‍රී ලංකා රුපියලේ අගය විශාල ලෙස පහත වැටේ. අපි සිම්බාබ්වේ දෙසට ගමන් කරනවාද?

:       0       3

Perera Friday, 11 August 2023 05:28 AM

අතීසාරයට අමුඩේ තද කරලා වැඩක් නැහැ

:       0       3

උද්ධමනය Friday, 11 August 2023 08:56 AM

අවුලක් නැහැ. උද්ධමනයත් මුදා හැරලා තියෙන්නෙ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site