IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහ බැංකුවේ අරමුණ මහා නා හිමිවරුන්ට කියයි

(ෂේන් සෙනෙවිරත්න)

උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි .

නව වසර උදාවත් සමඟ අද පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව  දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් එහි මහනායක  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහල්වතු පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව  වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් මේ වන විට පේන්න තියෙනව.

උද්ධමනය සාර්ථක අයුරින් පාලනය වෙමින් තිබෙනවා . එමගින් පොලී අනුපාතය පහළ ගිය විට ජනතාව මේ වන විට විඳින අසීරු කම්වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට අවස්ථාව හිමිවෙනවා .

 



අදහස් (5)

මහ බැංකුවේ අරමුණ මහා නා හිමිවරුන්ට කියයි

sampath Sunday, 01 January 2023 06:29 PM

මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට ගොස් වැඩ නා ගන්නයි යන්නේ. රජයේ නිලධාරියෙකුගේ වගකීම කාර්ය සිදු කිරීමයි. මේක ආගමකි ප්‍රශ්නයක් නොවෙයි. දේශපලාකයන් යන්නේ හාමුදුරුවරුන් රවටන්න. නිලධාරීන් යන්නේ කුමන අරමුණකටද දන්නේ නෑ. පෞද්ගලික ගමනක් නම් ප්‍රශන්යක් නෑ.

:       10       16

NalinsSunday, 01 January 2023 08:09 PM

Are you in USA?...can't he go to temple on the New year and get blessings....

:       1       3

E m Wijeyekoon Sunday, 01 January 2023 10:03 PM

බොරුව

:       1       2

ලුම්බිණි Monday, 02 January 2023 07:12 AM

මෙයාටත් පිස්සු තද වේගන එන ලකුණු පේනවා.

:       1       3

චූලොපාසක Monday, 02 January 2023 01:08 PM

සුපේශල ශික්ෂාකාමී මහා බුද්ධ පුත්‍රයන් නමකට කවුරු වුවද පිරිකර පූජා කිරීමේදී සම්මත චාරිත්‍ර විධික්‍රමයක් ඉතා ප්‍රචලිතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site