
(ඩයනා උදයංගනී)
විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේනමක මෙන්ම සුපේෂල ශික්‍ෂාකාමී මහ තෙරනමක් වූ අපවත් වී වදාළ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන්, කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (25) පස්වරුවේ ඇරඹිණි.
මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද (25) දිනය රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබිණි.
උන්වහන්සේට ගෞරව පිණිස කොළඹ නගරයම කහ පැහැති ධජයන්ගෙන් සරසා තිබිණි. මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් අද (25) පස්වරු 1.30ට ගමන් ආරම්භ කෙරිණි. ඒ එම විහාරස්ථානයේදී සිදුකෙරුණු පාංශුකූල චාරිත්‍ර ඇතුළු ආගමික වතාවත්වලින් අනතුරුවය. මහ නා හිමි දේහය මලින් සැරසූ රන්සිවි ගෙයක් සහිත විශේෂ රථයක තැන්පත් කර පෙරහැරින් වැඩම කරවනු ලැබූ අතර ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් පස්වරු 1.30 ට ගමන් ඇර්ඹූ රිය පෙරහර ගල්කිස්ස ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, හැව්ලොක් පාර, තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, ජාතික කෞතුකාගාර හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය ඔස්සේ නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රයට ළඟා විය.
ඒ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ගෞරවය මධ්‍යයේය.
මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පස්වරු 3.20ට පමණ ළඟා වූ අතර අනතුරුව දේහය තැන්පත් කෙරෙන විශේෂ පීඨිකාව වෙත වැඩම කරවනු ලැබිණි.
අනතුරුව දේහය වෙත යුද හමුදා ආචාරය දක්වමින් දේහය සිවු කොන මුර සෙබළුන් ස්ථානගත කිරීම සිදුකෙරිණි.
මහා සංඝරත්නය, කාදිනල්තුමන්, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
(ඡායාරූප ළහිරු හර්ෂණ)









2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ නාහිමි දේහය කොළඹ නිදහස් චතුරස්‍රයට වැඩම කරවති
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 March 2021 01:20 PM
සැබැවින්ම සිල්වත් දිවියක් ගතකළ උන්වහන්සේගේ අපවත් වීම විශාල පාඩුවක්... ඒත්, මේ අවස්ථාවට සුදුවතින් සැරසුණු, කළු හිත් ඇති දේශපාලකයන් පැමිණීම නිසා සිත කිළුටු වුණා. ලකුණු දාගන්න ඒ අය කතාකරන විට රූප පෙට්ටියෙන් ඉවතට ගොස් ආදාහන කටයුතු කෙරෙන වෙලාවේදී නැවතත් මා එතැනට ආවා...
විජිත්Thursday, 25 March 2021 02:31 PM
මුලින්ම , අපවත්වූ අපේ ගරුතර, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේට උතුම්වූ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!!! සහතික ඇත්ත සමිත, මමත් ඔබකළ දේ අගය කරනවා. අපවත් වුණු අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ වැනි , සුපෙක්ශාකාමි සිල්වත් මහා නා හිමිවරු අපේ රටේ සිටි නම් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. ඊයේ මම රූපවාහිනියෙන් දැක්කා ඒ සිල්වත් බුද්ධ පුත්‍රයන්ගේ දේහයට ගෞරව කරන්න " කහ සිවුරු පටලවාගත් ජූජක බමුණන් හතර පස්දෙනෙක් ඇවිත් හිටියා.. ඔබ කීවා වගේ සුදු ඇඳගත් කළුම කළු - මිනීමරු - චරිත ඇති දේශපාලුවෝ පිරිලා සිටියා. සමහරවිට ඒ මෝඩයින් හිතනවා ඇති, ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු වලට සහභාගි වුණාම තමන්ගේ කළු චරිතය හේදිලා, පිරිසිදුවෙලා නිවනට මග පෑදෙනවා කියලා. එහෙම හිතුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.." ලංකාවේ දේශපාලුවන් කියන්නේ මෝඩයින් " නිසා.
සමිත සේනක අලුත්ගමගේ.Thursday, 25 March 2021 02:58 PM
ස්තූතියි විජිත්...