IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහ කන්නයේ වගා ලංකාවේම එකම දිනෙක අරඹයි

(අංජුල මහික වීරරත්න)

එළැඹෙන මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් මස 15 දිනට හෝ ඊට ආසන්න දිනයක  දී සියලුම ප්‍රදේශවල එක වර ආරම්භ කිරීම සඳහා ගොවීන් උනන්දු කිරීමට  කෘෂිකර්ම  අංශ තීරණය කළේය.

දැනට ක්‍රියාත්මක ව පවතින එල්නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මෙවර මහ කන්නයේ ඔක්තෝබර් හා නොවැම්බර් මාස වල විශාල වර්ෂාපතනයක් ලැබිය හැකි අතර මීළඟ යල කන්නය නැවත වරක් වියලි කාලගුණික තත්ත්වයක් උද්ගත විය හැකි යැයි මෙරට මෙන්ම වි‌දේශීය කාලගුණික අංශ ද අවධාරණය කර ඇති බැවින් 2023/24 මහ කන්නය හා 2024 යල කන්නය තීරණාත්මක වගා කන්න දෙකක් විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම නිසා වර්ෂාවෙන් ලැබෙන ජලය අපතේ යා නොදී මනාව කළමනාකරණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි කෘෂිකර්ම විද්වත්හු පවසති.

 කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ, මහවැලි, වාරිමාර්ග, ඇතුළු අංශ ගණනාවක් මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්  පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ ගොවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙවර මහ කන්නයේ වගා කටයුතු සැළසුම් කිරීම පිළිබඳව සාකච්ඡාවක් හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ දී පැවැත්වුණු අතර එල්නිනෝ බලපෑම එල්ල විය හැකි බවට  ගොවි ජනතාව දැනුම්වත් කර නැතැයි ද එහි වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බාර ගත යුතු අතර ඉදිරියට මෙවැනි අඩුපාඩු වලක්වා ගනිමින් කටයුතු කිරීම වැදගත් බව මෙහිදී  සියලු කෘෂි අංශ අවධාරණය කර තිබේ.



අදහස් (1)

මහ කන්නයේ වගා ලංකාවේම එකම දිනෙක අරඹයි

Perakum Thursday, 31 August 2023 09:49 AM

වෙනත් දියුණු රටවල නම් වගාව කුමක්ද වගා කාලසටහන කුමක්දැයි නිසි බලධාරීන් රටේ අවශ්‍යතාවය අනුව විද්‍යාත්මකව තීරණය කර ජනතාවට දැනුම්දී එය අධීක්ෂණය කරනු ලබයි. එමගින් ගොවියාත් පාරිභෝගිකයාත් රටේ ආර්ථිකයත් රැකේ. කෘෂි විද්‍යාඥයින් සහ බලධාරීන් ඒ බැව් හොදින් දනී. එහෙත් ඔවුනට ඒ පිලිබද කිසිදු උනන්දුවක් නැත. අපේ මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ එය සිහිනයක් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site