IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ කන්නය බඩ ඉරිඟු වලින් පුරවන්න යයි

(අංජුල මහික වීරරත්න)

ලබන මහ කන්නයේ හෙක්ටෙයාර් 110,000ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වනවිට දියර කිරි, බිත්තර හා කුකුළු මස් ඇතුළු  සත්ව නිෂ්පාදන මිල ඉහළ යාම සඳහා පසුගිය මහ කන්නයේ බඩ ඉරිඟු ඇතුළු බෝග අස්වැන්න කඩා වැටීම හේතුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙි බව කීවෙි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් අරඹා තිබෙන අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් ඉහළ නැංවීම  සඳහා කුකුළු පැටවුන් ලබා දීමේ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩ සටහනට සහභාගි  වෙමිනි.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් මහනුවර, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතලේ, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 06ක අඩුආදායම්ලාභී පවුල් 60ක්  තෝරාගෙන ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමේ අරමුණින් මාසයක් වයසැති කුකුළු පැටවුන් එක් පවුලකට 10ක් බැගින් ලබා දීමේ වැඩ පිළිවෙළක් අරඹා තිබේ. එම වැඩ පිළිවෙළ  වළස්මුල්ල ප්‍රාදේශීය ලේකම්කාර්යාලයෙන් ආරම්භ කෙරිණි.



අදහස් (0)

මහ කන්නය බඩ ඉරිඟු වලින් පුරවන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site