(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රමයකි.
සාමාන්‍ය ක්‍රමයට වී වපුරනවාට වඩා මෙම ක්‍රමය මගින් බිත්තර වී භාවිතය සියයට 50කින් අවම කරගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකිවීම, වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම, හා වල් මර්දනය සඳහා පළිබෝධනාශක යෙදීමට සිදු නොවීම මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා මෙම ක්‍රමය ගොවි ජනතාවට වාසිදායක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
මෙම පැරෂුට් තැටි වසර 10ක් කන්න 20ක් එක දිගට භාවිතා කළ හැකි වන අතර අක්කරයකට තැටි 400ක් අවශ්‍ය වන බවත මෙම තැටි ලබා දීමේ දී ගොවි ජනතාව එක් තැටියක් මිල දී ගත යුතු අතර රජය විසින් නොමිලයේ තැටි තුනක් ලබා දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
පැරෂුට් තැටි ලබා දීමේ මෙම වැඩ සටහන යටතේ මෙවර මහ කන්නය සඳහා තැටි මිලියන 3.2ක් ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ කන්නයේ ගොවීන්ට පැරෂුට් තැටි දීම අරඹයි
සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:31 PM
කෘෂිකාර්මයට නව තාක්ෂණය හඳුන්වා නුදුන්නොත් මේක තවදුරටත් ලාභදායි ලෙස පවත්වාගත නොහැකි වෙයි. කරුණාකර නිසි පුහුණුවකින් පස්සෙ මේවා දෙන්න. දෙන්නන් වාලේ අරගෙන අන්තිමට මේවා රටටම එපා කරවන්න එපා...