IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහ කන්නෙට එක්සත් ජාතීන්ගෙන් යූරියා ටොන් 8360ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉදිරි මහ කන්නයේදී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ක් පසුගිය දා කෘෂි කර්ම අමාත්‍යංශයට භාර දෙනු ලැබ ඇත.

මෙම යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ජපන් රජයේ මූල්‍ය ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලබා ගෙන තිබේ.මෙම පොහොර තොගය කුරුණෑගල, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකක් දක්වා වගා කරන ගොවියන් 228000 ක් ආවරණය වන පරිදි බෙදා හැරෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කර ඇත.

මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යංශයට භාර දීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටාරෝ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.



අදහස් (1)

මහ කන්නෙට එක්සත් ජාතීන්ගෙන් යූරියා ටොන් 8360ක්

අරවින්ද මොනරවිල Monday, 07 August 2023 06:10 PM

ඒකත් මොවුන් හොරා කැවේ නැත්නම් ලෝක පුදුමයක් !

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site