(සුජිත් හේවාජුලිගේ )

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පැවසීය.

ඔහුගේ ඉවත්වීම සදාකාලික එකක් නොවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කළේ කොළඹ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඩී බී හේරත් මහතා මෙසේද පැවසීය.

" ආපහු එතුමාගෙ සේවය මෙතනට ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් සමග. මගේ මතය අනුව නම් කවුරුත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. හැම දෙනාම මේ වෙලාවේ එක තැනකට එන්න ඕන"