
(රන්ජන් කටුගම්පොල)
දේශපාලන අවශ්‍යතා මත පන්කෝටි තිස් ලක්ෂයකට කැරන්බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා සංගම් අතර බෙදාදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවර වැරදිකරුවන් වීර වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචන පෙතසමේ තීන්දුව පසුවට ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නේය .
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ දැනුම් ලැබුවේ අදාල අභියාචන පෙතසම පුරා දින තුනක් විභාගයට ගැනීමෙන් අනතුරුව පෙත්සම විභාහය අවසන් වීමෙන් පසුවය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා සහ අල්ලස් හො දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා නම් කරනු ලැබ ඇත.
මෙම අභියාචන පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුභාසිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණයේදී ලංකා සතොස ආයතනයේ විශ්‍රාමක සෝමපාල මහතා සාක්ෂි දුන්නා. ඒ සාක්ෂි අනුව ප්‍රසම්පාදන පටිපාටියට අදාල ලිපිගොනුවක් පවත්වාගෙන ගොස් නැහැ. එපමණක් නොවෙයි ඊට අදාළ ලිපි ගොනුවක් මූල්‍ය අපරාධ කොට්ඨාසයවත් නැති බව ඒ මහතා සොයා බැලූ විට හෙළි වුණු බව සඳහන් වෙනවා.
ඒ අනුව පෙනී යන්නේ මෙම සිද්ධියට අදාලව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර ඇති බවයි සාමාන්‍යයෙන් ණයවර විවෘත කළ විට ප්‍රසම්පාදන ලිපිගොනුවක් පවත්වාගෙන යෑම සිරිතයි නමුත් මෙහිදී එය සිදුවී නෑ
එහි වග උත්තර කරු ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා නම් කරනු ලැබ ඇත.
2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14000 සහ දාම් ලෑලි 11000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන දේශපාලන අවශ්‍යතා මත ක්‍රීඩා සංගම් අතර බෙදාදීම මගින් රජයට පාඩුවක් කර ඇති බවට පෙත්සම්කරුවන් වැරදි කරුවන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd