(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවසට ඊයේ (07) රාත්‍රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය කියයි.
සැකකරු වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවසේ ප්‍රධාන ගේට්ටුවට උඩින් ඊයේ රාත්‍රි 7ට පමණ පැන එහි සැගවීමට උත්සාහ දැරීමේදී නිළනිවසේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් විසින් අල්ලා වාද්දුව පොලිසියට භාරදි තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහු ඇතුළුවූයේ කුමන කරුණක් සදහාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
167
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
959
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේස්ත්‍රාත් නිළ නිවසට පැන්න අයෙක් අත්අඩංගුවට
ravin Tuesday, 08 November 2022 11:15 AM
කුඩු මතේට කොහේ ගියාද කියලා කුඩ්ඩත් දන්නෙ නැතිව ඇති.
Gamini Tuesday, 08 November 2022 02:30 PM
ඔය කුඩු අල්ලන තරමට ඔවට වෙන දේකුත් තියෙන්න ඒපැයි. ඔය අයට ඉව තියෙනව.