IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


මහවැලි ඉංජිනේරුවා මුව මස් අදිද්දී මාට්ටු

(නිමල් ජයරත්න)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටි  ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවරයකු සහ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

අරලගංවිල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් අනුව මෙලෙස මස් කිලෝ 15 සහ ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් මහවැලි ජිප් රථය සහ තියුණු ආයුධයක් ද  අත්අඩංගුවට ගෙන ඇති බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා සහ රියදුරන් දෙදෙනා අලවාකුඹුර ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන සේවකයින් බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මෙම ජීප් රථයෙන් දිගු කලක සිට මුවමස් ජාවාරම සිදු කරගෙන ඇත්ද යන්න ගොස් පරීක්ෂණ සිදු කරන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද, අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා අප කළ විමසීමකදී පැවසීය.

 



අදහස් (0)

මහවැලි ඉංජිනේරුවා මුව මස් අදිද්දී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 78 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 148 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site