IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහවැලියත් පතුලටම හිදෙයි

(සුජිත් හේවාජුලිගේ )

අධික නියගය හේතුවෙන් ප්‍රධාන  ජලාශවල  ජල මට්ටම තවත් නරක අතට හැරෙමින් පවතින  බව මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසීය.

වැසි වැටෙන තුරු ජල මට්ටම මේ ආකාරයට දිගින් දිගටම අඩුවනු ඇතැයි පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු අර්බුද මධ්‍යයේ වුවද  වගා බිම්වලට ජලය නිකුත් කිරීම දිගටම කරන බවද ප්‍රකාශ කළේය.

අධික නියගය හේතුවෙන් ජල මට්ටම විශාල වශයෙන් අඩු වී ඇත්තේ උඩවලවේ ජලාශයේය. එය සියයට 2.9 කි.

ඊට පසු  ජල ධාරිතාව විශාල වශයෙන් අඩු වී ඇත්තේ සමනල වැව ජලාශයේ වන අතර  එය සියයට  4.1 කි.

මෙයට අමතරව රන්දෙණිගල ජලාශයේ ජල  ධාරිතාව සියයට 8.5  දක්වාද  මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව සියයට 17.8 දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 29.1 දක්වාද  රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව  සියයට 30.5 දක්වාද බෝවතැන්න ජලාශයේ  ජල ධාරිතාව සියයට 39.9 ක් දක්වාද කාසල්රී ජලාශයේ ජල ධාරිතාව සියයට 36.5 ක් දක්වාද  මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 39.6 ක් දක්වාද   කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 58.7 ක් දක්වාද  අඩු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

මේ අතර කළු ගගේ ජල ධාරිතාව සියයට 67.4 ක් දක්වා පහත  බැස ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි.

 

 



අදහස් (0)

මහවැලියත් පතුලටම හිදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site