IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’මෙහෙවර පියස” අද ජනතා අයිතියට

(රොමේෂ් ධනුෂ්ක සිල්වා) 

රටේ ශ්‍රම බලකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ  "මෙහෙවර පියස” ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු  අතින් අද (20)  විවෘත කෙරිණි.

2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32 කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.

කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද, මහල් 5කින් යුත් රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබේ.

කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර,  යන මහත්වරුන් ද කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (7)

’’මෙහෙවර පියස” අද ජනතා අයිතියට

අප්පුහාමි Wednesday, 21 August 2019 01:29 AM

රටේ ආන්දෝලනයකට පත්ව ඇති හිටපු ඇමතිගේ අවශ්‍යතාවයට කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ගත් ගොඩනැගිලි වාගේ තවත් ගොඩගැනිලි රජයේ ආයතන වෙනුවෙන් කුලියට ගෙන ඇති.ජනතා මුදල් බිලියන ගණනින් වැයකරන ගොඩනැගිලි කුලියට ගැනීමේ ක්‍රමය නවත්වන්න රාජ්‍ය ආයතන වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකලොත් නරකද.

:       0       16

ධම්ම Wednesday, 21 August 2019 02:51 AM

රජය සතු නම් 99 අවුරුදු බද්දට දීලා කීයක් හරි හොයාගන්න පුළුවන්.

:       1       4

bul Wednesday, 21 August 2019 04:25 AM

පියස ද ? පියසේ ද ? නම පැහැදිලි නැත.

:       3       0

Rizwan Wednesday, 21 August 2019 06:07 AM

උසම ගොඩනැගිල්ල වෙලා පලක් නැහැ , සේවාව හරියට කරන්නනේ නැත්නම්.

:       0       14

Raveendra Wednesday, 21 August 2019 06:16 AM

ලස්සන ගොඩනැගිල්ලක් ලැබුනත් එහි සේවයට සුන්දර අදහස් තිබෙන මිනිසුන් සිටින්නේ නම් එය කොතරම් සුන්දර ද ?? සිනහමුසු මුහුණෙන්, කාරුණික වචනවලින් තම සේවය ලබා ගැනීමට පැමිණෙන ඒ අහිංසක මිනිසුන්ට අපට සලකන්න පුළුවන් නම් එදාට , එදවසට අපගේ රට මොනතරම් ලස්සන වෙනවාද ?

:       31       54

ajith Wednesday, 21 August 2019 06:22 AM

2009 පටන් ගත්ත. 2016 විතර විවෘර්ත කරන්න ඕන එකක්

:       3       15

shan Wednesday, 21 August 2019 08:17 AM

මේ තරම් විශාල ගොඩනැගිලි සදහා වැයවන විදුලි බිල පාලනය කිරීම සදහා සූර්ය බලශක්තිය යොදා ගැනීමට රජය ක්‍රියා කරයි නම් ඉතාම හොදයි . හැකි පමණ වායු සමීකරණ භාවිතය අඩු කර ස්වාභාවික වාතාශ්‍රය ලබා ගැනීමට කටයුතු කරන්න .

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site