
(විමුක්ති එස් රුද්‍රිගු)
කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝග කළේය.
විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මියගිය එම සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ ඉල්ලීමකට අවසර ලබා දෙමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා මෙම නියෝගය නිකුත් කළේය.
ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවසර ඉල්ලමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කියා සිටියේ මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවත් එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවත්ය.
එම පාකිස්තාන සිසුවාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ඔහුගේ නිවසට ගියත් එම සිසුවාගේ පියා පාකිස්තාන මහා කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියකු වූ නිසා එයට අවස්ථාවක් නොලැබුණු බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා වෙත දන්වා සිටියේය.
එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා කියා සිටියේ අදාළ පුද්ගලයාට තානාපති වරප්‍රසාද තිබේදැයි සොයා බලා තිබේ නම් අදාළ පනත අනුව කටයුතු කරන ලෙසය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහල් නිවෙසින් වැටුන සිසුන් දෙදෙනාගේ දුරකතන වාර්තා ඉල්ලයි
Hemantha Saturday, 06 July 2024 09:44 AM
මේ මනුස්සයා ගැන හෝ මේ සිදුවීම සම්බන්ධව අපි දන්නේ නැහැ. ඒත් ඕන බලි වැඩක් කරලා බේරෙන්න පුළුවන්ද?
ජගත් ලියනගේ Saturday, 06 July 2024 03:03 PM
තානාපති වරප්‍රසාද තියෙන අයට අපේ රටේ සාමාන්‍ය ජනතාවට බලපාන නීතිය නෙවෙයිද ක්‍රියාත්මක වෙන්නේ?