IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


මහර බන්ධනාගාරයේ කලහයට මැදිවූ රැඳවියන් 61 කට කොරෝනා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රාගම මහ රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියන් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, එයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ මහතා කීවේය.

සෙසු රැඳවියන් 61දෙනා කොරෝනා ආසාදිත බැවින් විශේෂ ඒකකයක රඳවා ඇති බවත්, ඔවුන් අතරින් 10දෙනෙකුගේ තත්වය බරපතල බවත්,  ඇතැම් රැඳවියන් ශල්‍යකර්මවලට යොමුකරමින් සිටින බවත් ඔහු කීය.

කලහයට මැදිවූ එක් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පැවසීය. මේ හේතුවෙන් රාගම රෝහල ඒ අවට පොලිසිය සහ  පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා  ආරක්ෂාව දැඩිකර  ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි  රැඳවියන්  187දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන්  කරන ලද විශේෂිත ස්ථානයක් වෙත  රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඔවුන් සියලු දෙනාද කොරොනා ආසාදිතයන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.



අදහස් (15)

මහර බන්ධනාගාරයේ කලහයට මැදිවූ රැඳවියන් 61 කට කොරෝනා

fairoos Monday, 30 November 2020 01:32 PM

එතකොට මේ අය කොරෝනා ගණනටමද? සර් නම් නියමයි.

:       7       30

senaMonday, 30 November 2020 02:30 PM

කියලා වැඩක් නැහැ.. එතකොට මැරිච්ච කට්ටිය මැරිලා තියෙන්නේ කොරෝනාවලින්. වෙඩි තැබීමෙන් නොවේ.

:       1       4

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 November 2020 02:32 PM

කොරෝනා හැදුණා මදිවට කාපියව් වෙඩිත්... කිව්වලු...

:       0       1

Nuwan Monday, 30 November 2020 02:45 PM

වැඩ බැහැ කියලා විහිලුවට කිව්ව එක මෙච්චර සීරියස් ගනී කියලා හිතුවේ නැහැ සර්!!

:       1       3

janabala asamagi Tuesday, 01 December 2020 03:07 PM

එකම ආසනයක් නැති වුණු අපිට මෙහෙම වුණේ ඇයි... ?

:       1       1

නන්දසේන Monday, 30 November 2020 03:07 PM

හරි හරි. සර් හදලා තියෙන්නේ කොරෝනා මර්ධනය කරන්න. කවුද කියන්නේ සර් ෆේල් කියලා. සර් උඩින්ම පාස්...

:       0       2

Nisha Monday, 30 November 2020 03:28 PM

මිනිස්සු කොච්චර කිව්වද ගෝඨා ආවොත් මිනී මරනවා කියලා. ඒත් අපි හිතුවේ නැහැ... මේ තරමටම තිරිසන් කියලා. හැම තැනම මර්දනය. දැන්වත් මේ අපරාදකාරයින්ව පන්නන්න ඕනේ.

:       1       6

chandima Monday, 30 November 2020 03:31 PM

ඒකත් හොඳ වැඩක්. දැන් මින් ඉස්සරහට ආයුධ පෙන්නන්න එක්කලා යන්න ඕනෑ නැහැ.

:       1       3

ඉන්දික Monday, 30 November 2020 04:47 PM

ඒක වෙන්ටෑ වෙඩි තියලා මරලා දාන්න ඇත්තේ.. කොහොමත් දහස් ගාණක් අපේ වර්ගයාම මරලා දාලා යුද්දෙ දින්නා කියන එක මාකට් කරන එකනේ අද වෙනකන් කරන්නේ.. තිරිසන් සත්තු එක්ක සටන් කරලා දින්නා නම් ඇත්තටම ක්‍රෙඩිට් එකක් දෙන්න විටිනවා.

:       0       4

Ratne Monday, 30 November 2020 05:08 PM

රෝග තත්ත්වය හඳුනා ගැනීමට සහ එයට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාවක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම මෙම ගැටුමට මූලික හේතුව බවට පෙනේ.. දැන්වත් විකාර වැඩ නවත්වා පී.සී.ආර්. යන්ත්‍ර ප්‍රමාණවත් පරිදි ගෙන්වා රටේ වර්තමාන ගැටළුවට පිළියමක් යෙදීමට හැකිවේවා...!!!

:       0       3

Demuni Uduwara Monday, 30 November 2020 06:00 PM

මේ 08 දෙනාම කොරෝනාවෙන් මිය ගිය අයද?

:       0       2

බණ්ඩාර Monday, 30 November 2020 06:10 PM

මේ අය බ්‍රන්ඩික්ස් පොකුරෙද පෑලියගොඩ පොකුරේද? සමාජගත වෙලා නෑ කියන දොස්තර මහත්තයගෙන් අහන්නේ?

:       0       2

jagath G G G Monday, 30 November 2020 07:55 PM

බන්ධනාගාරයේ සිටින අයට ආරක්ෂාව දීම රජයේ වගකීමක්. වෙඩි තැබීම, මියයාම බරපතල කාරණාවක්. කවුද මේවාට වගකියන්නේ දෙයියනේ?

:       0       4

විජේ Tuesday, 01 December 2020 02:29 AM

2012 හිරකාරයින් මැරුනේ නොවැම්බර් 29ලු, 2020ත් එදාමලු, නේද?

:       0       4

Nisha Tuesday, 01 December 2020 02:30 AM

එතකොට මරපු අයත් කොරෝනා රෝගීන් නේද? ලෝකේ කිසිම රටක කරන්නේ නැහැ රෝගීන්ව අමු අමුවේ මරණ සිරිතක්... කොරෝනා පටන් ගද්දීම රත්ගම පොලිසියේ මිනීමරුවන් නිදහස් කරා... මේ අය පුදුම විදිහට මිනිස්සුන්ව මර්ධනය කරන්නේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාරයා ග්‍රීස් ගහෙන් එයි
2025 මැයි මස 01 2 0

බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.


මරදාන -කොටුව අතර දුම්රියක් පීලි පනියි
2025 මැයි මස 01 37 0

මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.


වැඩකරන ජනතාවගේ වේදනාකාරී යුගය අවසන්
2025 මැයි මස 01 115 0

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ


ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු
2025 මැයි මස 01 116 0

“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම


අද කාලගුණය
2025 මැයි මස 01 103 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
2025 මැයි මස 01 419 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 298 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 81 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site